මහ ගංවතුරේ නවතම තත්වය සහ ගංගාවල ජල මට්ටම්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රධාන ගංගා ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක තවදුරටත් ගංවතුර තත්වයන් පැවතියත් එම ගංගාවල ජල මට්ටම් මේ වනවිට පහළ බසිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අද (05) අළුයම 03.30 ට එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය අනුව කළු ගඟේ පුටුපාවුල ප්‍රදේශයේත් කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ කලවැල්ලාව ප්‍රදේශයේත් ගිං ගඟේ බද්දේගම ප්‍රදේශයේත් නිල්වලා ගඟේ තල්ගහගොඩ ප්‍රදේශයේත් තවදුරටත් මහ ගංවතුර තත්වයක් පවතී.

එසේම කැළණි ගඟේ නාගලගම් වීදිය ප්‍රදේශයේත් කළු ගඟේ ඇල්ලගාව ප්‍රදේශයේත් නිල්වලා ගඟේ පනාඩුගම ප්‍රදේශයේත් අත්තනගලු ඔයේ දූනමලේ ප්‍රදේශයේත් සුළු ගංවතුර තත්වයක් ද ඇත.

කෙසේවෙතත් මෙම ප්‍රදේශ සියල්ලම ආශ්‍රිතව එම ගංගාවල ජල මට්ටම් පහළ බසිමින් පවතින බවයි අදාළ නිවේදනයෙන් පෙන්නුම් කෙරෙන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 14 ක සිර දඬුවමක් නියම වූ පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානී ෆයිස් හමීඩ්..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු ඔත්තු...

Brown University අසල වෙඩි තැබීමක් : දෙදෙනකු මිය යයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ රෝඩ්...

Messi ගේ ඉන්දීය සංචාරය මෙසී වෙයි!

සටහන – පුලී දෙසැම්බර් 14, කොළඹ (LNW): කොල්කටාවේ සෝල්ට් ලේක්...