නරේන්ද්‍ර මොදී අපරාජිතව තෙවන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත්වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 05,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි නිදහස් ඉන්දියාවේ තෙවරක් අගමැති වූ ජවහල්ලාල් නේරුගේ වාර්තාව සම කරමින් මෙවර මැතිවරනයේදී අපරාජිතව තෙවන ධුර කාලයක් වෙනුවෙන් මහජන ජන්දයෙන් තේරී පත්ව තිබේ.

පාර්ලිමේන්තුවේ ආසන 543 න් එකක් හැර අනෙක් සියල්ල සඳහා ප්‍රතිඵල ලේඛනගත කර ඇති අතර, මෝදිගේ භාරතීය ජනතා පක්ෂය හෙවත් BJP ආසන 240 ක් දිනා ගනිමින් තනි විශාලතම පක්ෂය ලෙස පවතින මුත් එය 2019 ලබා ගත් ආසන 303ට සාපේක්ෂව විශාල අඩු වීමකි. මෙම ප්‍රතිඵලය ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මැතිවරණ වලදී සෑම විටම බහුතර බලය ලබාගෙන, දශකයක් තිස්සේ රටේ දේශපාලනයේ ආධිපත්‍යය දැරූ මෝදි මහතාට පුද්ගලික පහරකි.

ආසන 543කින් යුත් ලෝක් සභාව හෙවත් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ තනිව ආණ්ඩු කිරීමට භාරතීය ජනතා පක්ෂයට ආසන 272ක් අවශ්‍ය වන අතර මෙයින් අදහස් කරන්නේ රජයක් පිහිටුවීම සඳහා මොදී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ඔහුගේ සභාග හවුල්කරුවන් මත වැඩි වශයෙන් රඳා පවතිනු ඇති බවයි. භාරතීය ජනතා පක්ෂය ආසන 370ක් දිනා ගන්නා බවත් ඔහුගේ සන්ධානය ආසන 400ක් දිනාගනු ඇති බවත් මෝදි අනාවැකි පළ කර තිබු නමුත්,ඔහුට බහුතරය අහිමි විය.

මෙවර මැතිවරණය වෙනුවෙන් මිලියන 640 කට අධික ජනතාවක් ඡන්දය ප්‍රකාශ කර තිබු අතර ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් වේ.

භාරතීය ජනතා පක්ෂය එක්සත් රාජධානියට වඩා විශාල සහ තුන් ගුණයක් ජනාකීර්ණ ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ්හි පරාජය වීම කැපී පෙනෙන සාධකයක් ලෙස දේශපාලන විචාරකයන් හඳුන්වන අතර අයෝධ්‍යාවේ ඉදි වූ රාම්නාත් කෝවිල වෙනුවෙන් වත් හින්දුන් සිය සහය දක්වා නොමැත. මෙම තීන්දුව කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ ඉන්දීය විපක්ෂ සන්ධානයේ විස්මිත පුනර්ජීවනයක් සනිටුහන් කරයි.

සිය ජයග්‍රහණයෙන් අනතුරුව ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් යොදමින් මොදී සඳහන් කර තිබුණේ, මෙම සෙනෙහස වෙනුවෙන් මම ජනතාවට හිස නමා ආචාර කරන අතර ජනතාවගේ අභිලාෂයන් අඛණ්ඩව ඉටු කිරීම සඳහා පසුගිය දශකය තුළ සිදු කරන ලද යහපත් වැඩ දිගටම කරගෙන යන බවට මම ඔවුන්ට සහතික වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙපිරිසක් ගැටී අයෙකු මරුට:සැකකරුවන් පලා යයි..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW: ඊයේ (01) සවස් කාලයේදී,...

“විනිවිද කළුවර දිදුලන හදවත” සහ පැමිණි දුක්වල පැණි රස

2025 අවුරුද්දෙ ජුලි 31 හැන්දෑවෙ කොළඹ මහවැලි කේන්ද්‍රයෙ දි...

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...