දේශපාලන වේදිකාවේ ඕපා දූප කතා කර වැඩක් නැති බව ජනපති කියද්දී සජිත් සහ අනුරගේ සංවාදයට තුලාවෙන් ආරාධනා, සමඟින් අදත් උදෑසන DAILY NEWS @8! (06/05)

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 05 , කොළඹ (LNW):

@ දේශපාලන වේදිකාවේ ඕපා දූප කථා කර වැඩක් නැහැ,අද අප ආණ්ඩුවේ සිටින්නේ බිය නැතිව අභියෝග භාරගෙන කටුයතු කළ නිසයි, දේශපාලනයෙන් තොරව රට හදමු – ජනපති පවසයි.

@ කතානායකයරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විදුලි බල පනත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සහ යෝජනා සම්බන්ධයෙන් සමස්තයක් ලෙස ගත් කළ මේ පනතේ බරපතල ගැටලු ඇති බවක් පෙනෙන්ට තිබෙන බව විපක්ෂ නායක කියයි.

@ කාන්තාවන් සවිබල ගැන්වීමේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනතේ ඇතැම් කාරණාවලට ජාතික ජන බලවේගය එකඟතාව පළකරන නමුත් ඇතුළත් කළ යුතු වන සංශෝධන ක්‍රියාත්මක කර තිබේද යන්න ගැටළු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය පවසයි.

@ රත්නපුර,නිවිතිගල, අයගම සහ කලවාන අධ්‍යාපන කළාපයන්හි පාසල් අදත් වැසේ.

@ අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා අධ්‍යාපන පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය.

@ මියන්මාරයෙන් රුසියාවට ගිය සජබ මන්ත්‍රී කණ්ඩායම රුසියාවේ රෝහල්ගත ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසයි………….

ඇතුළු තවත් පුවත් රැසක් සමඟින් එක්වන්න මේ උදෑසන DAILY NEWS @8! (06/05)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස...

Emily in Paris නවතම කතා මාලාවෙහි එක් තැනක, ශ්‍රී ලංකාව ගැනත් කතා බහක්!

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW):  Emily in Paris යනු නෙට්ෆ්ලික්ස් සඳහා...