*
Saturday, December 14, 2024
spot_img

Latest Posts

විදුලි පනතට එරෙහිව “සර්වජන බලය” උද්ඝෝෂණයක!

කොළඹ LNW:මව්බිම ජනතා පක්ෂය,ජාතික නිදහස් පෙරමුණ,පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, යුතුකම ජාතික සංවිධානය හා ස්වාධීන මන්ත්‍රී සංසදය යන “සර්වජන බලය” එකමුතුවට අයත් දේශපාලන පාර්ශ්ව 07ක් යෝජිත විදුලි පනතට එරෙහිව අද (05) පාර්ලිමේන්තුව වටරවුම අසල සාමකාමී උද්ඝෝෂණයක නිරත වූහ.

“සර්වජන බලය” එකමුතුවේ නායකත්ව මණ්ඩලය වෙනුවෙන් මව්බිම ජනතා පක්ෂයේ නායක,ව්‍යවසායක දිලිත් ජයවීර,ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර,පිවිතුරු හෙළ උරුමයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, ‘යුතුකම’ ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන යන මහත්වරු මෙම සාමකාමී උද්ඝෝෂණයට එක්ව සිටියහ.

නව විදුලි පනත මගින් විදුලිබල මණ්ඩලය අහෝසි කෙරෙන බවත් බාහිර රටවලින් විදුලිය මිලදී ගැනීම සඳහා එම පනත මගින් ප‍්‍රතිපාදන සලසා ඇති බවත් ඒ අනුව ඉන්දියාවේ බලශක්ති පද්ධතිය සමග ශ‍්‍රී ලංකාවේ බලශක්ති පද්ධතිය ඒකාබද්ධ කිරීමේ හැකියාව ලැබෙන බවත් එවිට ශ‍්‍රී ලංකාවේ විදුලි පද්ධතියට ඉන්දියාවේ අනුකම්පාවට යටත්ව ක‍්‍රියා කිරීමට සිදුවන බවත් එම උද්ඝෝෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සර්වජන බලය දේශපාලන එකමුතුවේ නායකයෝ පෙන්වා දුන්හ.

රටේ බලශක්ති සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම සඳහා නීතිය මඟින් ප‍්‍රතිපාදන සලසා තිබූ රටක එම නීතිමය ප‍්‍රතිපාදන පවා ඉවත් කර සමස්තය පුද්ගලීකරණය කිරීම මගින් රටේ ජාතික ආරක්ෂාව පවා අනතුරට ලක්වන බව ඉතා පැහැදිලි බවයි ඔවුන් මෙහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේ.

ඊට අමතරව පුද්ගලික අංශයේ ලාභ උවමනාවන්වල සහ ඒ ආශ‍්‍රිත කොමිස් ගෙවීම්වල බර දැරීමට පොදු මහජනයාට සිදුවනු ඇති බවත් එම නිසා නව පනත මගින් විදුලි බිල වැඩිවීමට අමතරව මහා විදුලි අර්බුදයක් ද නිර්මාණය වීමේ බරපතල ඉඩක් ඇති බවත් “සර්වජන බලය” දේශපාලන එකමුතුවේ අදහසයි.

නව විදුලි පනත විදුලි ඇමැතිට ඉල්ලමක් විය හැකි වුවද රටට සහ ජනතාවට තිබෙන තත්ත්වයට වඩා මහා විපතක් කැඳවන හෙයින් රටත් ජනතාවත් කෙරෙහි අබමල් රොනක හෝ හැඟීමක් ඇති සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීන් මෙම යෝජිත විදුලි බල පනතට විරුද්ධ විය යුතු බවත් “සර්වජන බලය”දේශපාලන එකමුතුවේ නායකයෝ අවධාරණය කළහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan