ඒගොල්ලන්ටත් අනාගතයේදී මේ සන්තෑසියම වෙයි – දයාසිරි CID යෙන් එන ගමන් කියපු කතාව

Date:

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ (04) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

ඒ, ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දෙන්නැයි කරන ලද දැනුම් දීමකට අනුව ය.

එහිදී ඔහුගෙන් පැය තුනකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.

ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව CID යෙන් පිටව යද්දී මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙසේය.

“කට උත්තර ගන්නවා, යනවා. මේවා ඉතින් ජනාධිපතිවරයා නීත්‍යානුකූලව අනුමත කරපු ඒවා. අවුරුදු හයක් මේවා හංගලා ඒවා නෙවෙයි. ජනාධිපති අරමුදලේ ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. එතකොට මේවා සම්බන්ධයෙන් විමර්ශන යනවා. මේවායේ වැරදි තිබුණා නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තිබුණා. මොකක්වත් එහෙම එකකුත් නෑ, ඒවා ඔක්කොම සම්මත වෙලා තියෙන්නෙ. මේ තනිකරම පළිගැනීමේ වැඩපිළිවෙලක්. ඒගොල්ලො මතක තියාගන්න ඕනෙ ඒ අයටත් මේ සන්තෑසියම අනාගතයේ හම්බවෙයි කියලා”

ප්‍රශ්නය – මේ යන විදියට ඔබතුමාටත් ඇතුළට යන්න වෙයිද ?

“නෑ. මං හිතන්නෑ එහෙම. මම වැරදි කරලා නැහැනෙ. මේක මට නොගන්න පුළුවන් එකක් නෙවෙයි, නීත්‍යානුකූලව මගේ ශල්‍යකර්මයකට දීපු එකක්. නැතිව ගෙදර තියාගෙන සල්ලි හම්බකරලාද, හොරකම් කරලාද, එහෙම එකක් නෙවෙයි මේ. ජනාධිපති අරමුදල පිළිබඳ පනත කියවන්න කියන්න ඕනෙ ඔය ජේවීපී එකේ ලොන්ඩරිකාරයින්ට”

ප්‍රශ්නය – ආයෙ එන්න කිව්වාද ඔබතුමාට ?

“මං දන්නෙ නෑ, ආයෙ එන්න කිව්වොත් එනවා ඉතින්. අපි නීතියට ගරු කරන්න එපැයි”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...