සිංහල සිනමාවේ ”සූකිරි කෙල්ල” සුමනා අමරසිංහ නික්මයයි …

Date:

ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය නිළියක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් වූ සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

70 දශකයේ ජනප්‍රිය තාරකාවක් වූ ඇය මිය යන විට ඇය 74 වියේ පසු විය.

චෙන්නායි හිදී ඇය විසින් අනුභව කළ ආහාර විෂ වීමෙන් ඇතිවූ රෝගී තත්වයක් ඇගේ මරණයට හේතු වූ බව කියැවේ.

ලේක්හවුස් ආයතනයේ ජනතා පුවත්පත මඟින් මෙහෙය වූ ”ලස්සන මුහුණු ” තරගාවලියේ පළමු තැන දිනා රංගන වරම් ලද දෙණිපිටිය විතානගේ සුමනා අමරසිංහ මුලින්ම රංගනයෙන දායක වූයේ රූබී ද මැල් අධ්‍යක්ෂණය කළ ”පිපෙන කුමුදු”, චිත්‍රපටයටයි.

සිංහල සිනමාවේ නිෂ්පාදනය, ගායනය, සහාය අධ්‍යක්ෂණය, සහාය සංස්කරණය යන අංග සඳහා දායක වූ එකම නිළිය වූයේ ද ඇයයි. ඇය විසින් නිෂ්පාදනය කළ චිත්‍රපට අතර ටොම්පචයා, තණ ගිරව්, සුදු පිරුවට, ජොන්සන් ඇන්ඩ් ගොන්සන් වැනි චිත්‍රපට දැක්විය හැකිය.

ඇය සිය සැමියා වන ජනප්‍රිය නළු රෝයි ද සිල්වා සමඟ සුනේත්‍රා, සූකිරි කෙල්ල, ඔබයි මමයි ආදී චිත්‍රපටවල රංගනයෙන් දායක විය.

ඇය විසින් සිය රංගන දායකත්වය ලබා දුන් නිර්මාණ අතර දුලීකා, මිහිඳුම් සිහින, කඩවුණු පොරොන්දුව, ගෙදර බුදුන් අම්මා, චෙරියෝ ඩොක්ටර් යන නිර්මාණ අතිශය ජනප්‍රිය විය.

”කඩවුණ පොරොන්දුව” (නව) චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ඇය සරසවි කුසලතා සම්මානය ලබා ගැනීමට සමත් වූ අතර 1965 වසරේ ”මිස් මේරේලාල්” තරඟද ඇය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ප්‍රවීණ රංගන ශිල්පී සුමනා අමරසිංහයන්ට සුබ ගමන් පතමු !

  • සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...