විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කෙරේ

Date:

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා පත්වීම් ලිපි, විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් පෙරේදා (03) දිනයේදී ප්‍රදානය කර තිබේ.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හත් දෙනෙක් සදහා පත්වීම් ලිපි ලබාදී ඇති අතර එයින් තිදෙනෙක් වෘත්තිකයින් ද සිව් දෙනෙක් විදේශ රැකියා ක්ෂේත්‍රය නියෝජනය කරන අය ද වෙති.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උප සභාපති ලෙස මොහොමඩ් හිල්මි මහතා පත්වීම ලබාගත් අතර, ඔහු මීට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කර ඇති ඒ මහතා අබ්දුල් අසීස් බ්‍රදර්ස් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කරයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස පත්වීම් ලැබූ ජෙෆ් ගුණවර්ධන මහතා ව්‍යාපාරිකයෙක් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රීක සේවයේ අත්දැකීම් ඇති අයෙකි. ඇමරිකා එක්සත් ජනපදයේ, වෙනිසියුලාවේ සහ කොලොම්බියාවේ ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල්වරයා ලෙසද කටයුතු කර ඇති ඔහු ගුවන්තොටුපොල සහ ගුවන්සේවා සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස පත්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නීතිඥ සදුන් ගමගේ මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබා වසර විසි හයක නීති ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති අයෙකු වන අතර ඔහු ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂවරයෙක් ලෙස ද කටයුතු කර තිබේ.

හේමන්ත සපුමොහොට්ටි, ඒ.එල්.ඒ. හස්සාම්, මොහොමඩ් ෆස්ලි, මොහොමඩ් අර්ශාඩ් යන මහත්වරු විදේශ රැකියා ක්ෂේත්‍රය නියෝජනය කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත්කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...