නරේන්ද්‍ර මොදී ජුනි 08 වනදා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 06,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : අප්‍රේල් 19 වැනි දින ආරම්භ වී පසුගිය සෙනසුරාදා (02) අවසන් වූ දැවැන්ත අදියර හතකින් යුක්ත ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ප්‍රතිඵල වලට අනුව, නිදහස් ඉන්දියාවේ නායක ජවහල් ලාල් නේරුගේ වාර්තාව සම කරමින් අගමැති මොදී ජුනි මස 08 වන දා තෙවන වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

මෙවර ලෝකයේ විශාලතම මැතිවරණය වෙනුවෙන් මිලියන 640 කට අධික ජනතාවක් ඡන්දය ප්‍රකාශ කර තිබු අතර ආසන 543කින් යුත් ලෝක් සභාව හෙවත් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ තනිව ආණ්ඩු කිරීමට භාරතීය ජනතා පක්ෂයට ආසන 272ක් අවශ්‍ය මුත් ඔවුන්ට ජන්දයෙන් ලබාගත හැකිව තිබුණේ ආසන 240ක් පමණි. භාරතීය ජනතා පක්ෂය ආසන 370ක් දිනා ගන්නා බවත් ඔහුගේ සන්ධානය ආසන 400ක් දිනාගනු ඇති බවත් මෝදි අනාවැකි පළ කර තිබු නමුත්,ඔහුට බහුතරය අහිමි විය.

මෙයින් අදහස් කරන්නේ රජයක් පිහිටුවීම සඳහා මොදී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ඔහුගේ සභාග හවුල්කරුවන් මත වැඩි වශයෙන් රඳා පවතිනු ඇති බවයි.

ඒ අනුව, දකුනු ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ තෙළිඟු දේශම් පක්ෂය (TDP) සහ බිහාර් ප්‍රාන්තයේ ජේඩී JD(U) ලෙසද හැඳින්වෙන ජනතා දාල් (එක්සත්) ඇතුළු පක්ෂවල නායකයා වශයෙන් ඒකමතිකව මොදී පිළිගැනීමත් සමඟ ආසන 293ක් සහිතව භාරතීය ජනතා පක්ෂයේ මුලිකත්වයෙන් යුතු මෙම පක්ෂ සන්ධානය නව ආණ්ඩුවේ අසුන්ගනු ඇත.

ඉන්දීය සන්ධානය වෙනුවෙන් කතා කරමින්, කොංග්‍රස් සභාපති මල්ලිකාර්ජුන් ඛාර්ගේ කියා තිබුණේ , “මෝඩිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයේ ෆැසිස්ට් පාලනයට එරෙහිව විරුද්ධ කන්ඩායම දිගටම සටන් කරන” බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...