වල් වී මර්දනයට විශේෂ සතියක්!

Date:

කොළඹ LNW:වී වගාව ආශ්‍රිතව සීඝ්‍රයෙන් ව්‍යාප්තවූ වල් වී මර්ධනය කිරීම සඳහා, වල් වී මැඩලීමේ සතියක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය සහ එම දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබේ.

බිත්තර වී සමඟ වල් වී විශාල වශයෙන් පැළවී ඇති අතර මේ හේතුවෙන් සැලකිය යුතු අස්වනු අහිමිවීමක් සිදුවී ඇති බවට ගොවියන් රැසක් පැමිණිලි කොට ඇත.

මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට ද මේ පිළිබඳව පැමිණිලි ලැබී තිබුණු අතර මිනිපේ මහා වාරි ව්‍යාපාරය හා මුරපොල ඇල ව්‍යාපාරයෙන් වැඩි පැමිණිලි ප්‍රමාණයක් ලැබුණු බව මධ්‍යම පළාත් කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.ජී.එන්.සඳමාලි මහත්මිය සඳහන් කළාය.

මෙම වල් වී ප්‍රභේදය සාමාන්‍ය වී සමඟ පැළවන අතර එය මර්ධනය කිරීම අසීරු වන බවත් ඒ සම්බන්ධයෙන් ගොවියන් දැනුවත් කොට වල් වී මර්ධනයට විශේෂ සතියක් මෙම මස අගදී ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය කීවාය. යල කන්නයේ වගා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට ඇති අතර බිත්තර වී සමඟ වල්වී බීජ පැමිණීම වැළැක්විම සහ පැළ වූ වල් වී කඩිනමින් මර්ධනය කිරීම මෙම සතිය තුළ ක්‍රියාත්මක කරන බව ද සඳමාලි මහත්මිය සඳහන් කළාය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම කමිටුවේදී ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු හා ගොවි සංවිධාන මගින් ගොවියන් දැනුවත් කිරීමට තීරණය වූ අතර වගා කටයුතු සඳහා ගොවියන් බිත්තර වී මිලදී ගැනීමේදී වඩාත් විශ්වාසවන්ත ස්ථානයකින් ලබා ගැනිම සුදුසු බව ද මෙහිදී යෝජනා විය.

මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලුකා බුලත්ගේ මහත්මිය, මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය නිරූෂා අයෝනි මහත්මිය ද මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුලු කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නිලධාරීන් සහ ගොවි සංවිධාන සභාපතිවරුන් ද මෙම කමිටු රැස්වීම සඳහා සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි ආපදාවෙන් විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 39කට බලපෑම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඉකුත් දා...

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...