ශ්‍රී ලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක්: ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩ බස්වයි!

Date:

රෂිකා හෙන්නායක ජුනි 06, කොළඹ LNW :

ඊයේ(05) සවස UL 306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කටුනායක සිට සිංගප්පූරුව බලා පිටත්වූ අතර, එම යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත හදිසියේ ගොඩ බස්වා තිබේ.

එහිදී තාක්ෂණික කණ්ඩායමක් මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ දෝෂය නිවැරදි කිරීම සඳහා කාලයක් ගතවන බව ප්‍රකාශ කළ බව, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය. ඒ අනුව දෝෂය නිවැරදි කරන තෙක් ගුවන් මගීන් හෝටල් කාමර තුළ රැඳවීමට මෙරට ශ්‍රීලංකන් බලධාරීන් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ, ගුවන් මගීන් හෝටල් කාමර තුළ රැඳවීමට ඉන්දුනීසියානු ආගමන විගමන නිලධාරීන් අවස්ථාව ලබා නොදීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් මතුවූ බවයි. පසුව එරට රැඳී සිටින ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත්වීමෙන් අදාළ ගැටලුව විසඳා ගැනීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ, කාර්මික දෝෂයකට ලක්වූ ශ්‍රීලංකන් ගුවන් යානය අලුත්වැඩියා කිරිම සදහා ඉංජිනේරු කණ්ඩායමක් අද(06) ඉන්දුනිසියාව බලා පිටත්ව ගිය බවයි. දෝෂයට ලක්වූ ගුවන්යානයේ මගීන් යළි ගෙන්වා ගැනීමට හෝ පිටත් කිරිම සඳහා අද පස්වරු 1:45ට තවත් විශේෂ ගුවන් යානයක් ඉන්දුනීසියාව බලා පිටත් කර යවන බව, දීපාල් පෙරේරා මහතා සදහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...

ලෝකයේ ලොකුම මකුළු ජනපදය ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ අඳුරු ගුහාවක් තුළ?

සටහන – පුලී නොවැම්බර් 08, කොළඹ (LNW): මෙය පොදු මකුළු...

ඉන්දුනීසියානු පාසල් පල්ලියක පිපිරීමක් හේතුවෙන් 54 දෙනෙකුට තුවාල: සැකකරුට වයස 17යි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියානු අගනුවර...