“වම කොයිබටද ?” මැයෙන් දේශනයක් 89 සහෝදරත්වය සංවිධානය විසින් පසුගියදා මහනුවර ගෝටාගෝගම පරිශ්‍රයේදී පවත්වනු ලැබිණි.
ජාත්‍යන්තර වාමාංශික දේශපාලනයේ සම්භවය, ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය, ජාතිකවාදය සහ ජාත්‍යන්තරවාදය, වම මුහුණ පා සිටින අර්බුදය යනාදී ක්ෂේත්‍ර ඔස්සේ මෙම දේශනය සිදුකෙරුණු අතර එය අවසානයේ සංවාදමය සාකච්ඡාවක් ද පැවැත්විණි.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු සහ දේශපාලන විශ්ලේෂකයකු වන ප්‍රියශාන්ත රාජපක්ෂ මහතා විසින් මෙහි ප්‍රධාන දේශනය පවත්වන ලදී.
1988 – 89 යුගයේ ක්‍රියාකාරී දේශපාලනයේ නියුතුව සිටි, මේ වනවිට පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව සිටින දෙස් – විදෙස් ක්‍රියාකාරිකයින්ගේ සංගමයක් වන 89 සහෝදරත්වයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය හ.
RN