වෙළඳපොල තරගකාරීත්වයට මුහුණ දිය නොහැකි කෘෂි නිෂ්පාදන අත්හැරීම වඩාත් සුදුසුයි – ජනපති

සටහන – රුවන් නෙළුගොල්ල

වී නිෂ්පාදනය ප්‍රමුඛ කර ගනිමින් තරගකාරී අපනයන වෙළඳපොල ජය ගත හැකි නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් 2030 වන විට නවීන තාක්ෂණය භාවිතා කරමින් තරගකාරී කෘෂිකර්මාන්තය කරා ගමන් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එසේ නොවුනහොත් අනාගතය ජයගත නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අපනයන වෙළඳපොල තුළ තරගකාරීත්වයට මුහුණ දිය නොහැකි නිෂ්පාදන අත්හැරීම වඩාත් සුදුසු බවයි සඳහන් කළේ.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

රට පුරා තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක ක්‍රියාත්මක කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 25 බැගින් වෙන් කර ඇති අතර, එම නියමු ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කෙ‍රිණි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එස්.එච්. සමරතුංග, කෘෂිකර්ම හා වැවිලිකර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී.එල්. ඒ. ජේ. ධර්මකීර්ති, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල , ධීවර අමාත්‍යාංශයේ ලේකම් කේ. එන්. කුමාරි සෝමරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු රේඛීය ආයතන නිලධාරීන් හා වානිජමය ලෙස කෘෂිකර්මාන්තයේ නියැලෙන පෞද්ගලික අංශයේ නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...