පොදු රද මඬුළු ගමනට ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 250 ක්

Date:

රටේ ආර්ථික අර්බූදය හමුවේ ශ්‍රී ලංකාව සිටින්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල නියෝජනය කරන්නට නොහැකි තරමේ ආර්ථිකමය බිඳ වැටීමකය.මේ තත්ත්වයට උපකාරයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජූනි 03 වන දා ක්‍රීඩා අමාත්‍යංශය වෙත රුපියල් ලක්ෂ දෙසිය පනහක මුදලක් පරිත්‍යාග කළේය.

ක්‍රීඩා අමාත්‍ය කාර්යාලයේදී මෙම පරිත්‍යාගය ක්‍රීඩා අමාත්‍යතුමා වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති මොහාන්ද සිල්වා විසින් භාර දුන් අතර තව දුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් පවසන්නේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන සියලුම ආදායම් රට තුළ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කළ බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...