උතුරු කොරියාවට එක්සත් ජනපදයෙන් තදබල ප්‍රතිචාරයක්!

Date:

උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හදා බලන්නේ නම්, ඒ වෙනුවෙන් බරපතල ප්‍රතිචාරයක් දක්වන්නට තමන් හා දකුණු කොරියව සූදානම් බව එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් පවසා තිබේ.

පසු ගිය අඟහරුවාදා සිය දකුණු කොරියානු සගයා වන චෝ හ්යුන්-ඩොං සමඟ සාකච්ඡා කිරීමෙන් පසු වෙන්ඩි ෂර්මන් විසින් මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා තිබිණ. එනම් ” ඕනෑම න්‍යෂ්ටික අත්හදා බැලීමක් යනු , එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමක් වන හෙයින් , එවැනි පරීක්ෂණයකට ඉක්මන් හා බලගතු ප්‍රතිචාර ලැබෙනු ඇති බවයි.”

මේ වසරේ පෙර නොවූ විරූ මිසයිල ප්‍රමාණයක් දියත් කරන ලද උතුරු කොරියාව න්‍යෂ්ටික අවියක් අත්හදා බැලීම කඩිනමින් කරනු ඇතැයි එක්සත් ජනපදය අපේක්ෂා කෙරේ. වෙන්ඩි ෂර්මන් වැඩිදුරටත් පවසා තිබුණේ “මුළු ලෝකයම ශක්තිමත් සහ පැහැදිලි ආකාරයකින් ප්‍රතිචාර දක්වනු ඇත. අපි සූදානම්.” බවයි.

US Deputy Secretary of State Wendy Sherman (left) has warned of a ‘forceful’ response if N Korea tests a nuclear weapon [Jung Yeon-je/Pool via Reuters]

උතුරු කොරියාව විසින් පසුගිය සඳුදා Pyongyang හි සිට කෙටි දුර බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් මුදා හැරීමෙන් දිනකට පසු ඊට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියා හා එක්සත් ජනපද හමුදා විසින් දකුණු කොරියාවේ නැගෙනහිර වෙරළෙහි සිට මිසයිල අටක් පෙරළා එල්ලකර තිබේ. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවසා ඇත්තේ උතුරු කොරියාව සිය ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානය වන Pyongyang හි ප්‍රධාන පහසුකම් පුළුල් කිරීමේ පියවර අඛණ්ඩව ඉදිරියට කරගෙන යන බවයි.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියෙහි ප්‍රධානී රෆායෙල් ගොසී ප්‍රකාශ කර තිබුණේ ” Pyongyang හි අස්ථාවර හා ප්‍රකෝපකාරී ක්‍රියාවන් නවතා දමා රාජ්‍ය තාන්ත්‍රික මාවතක් තෝරා ගන්නා ලෙස තව දුරටත් ඉල්ලා සිටින බවයි. ”

සශිකලා මධුෂාණී – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...