“ආහාර ප්‍රමිති දිවි සුරකියි” යන  තේමාව වූ ලෝක ආහාර ආරක්ෂිතතා දිනය අදයි.

Date:

ලෝක ආහාර ආරක්ෂිතතා දිනය අදයි.  ආහාර ප්‍රමිති දිවි සුරකියි (food standards save lives) යන තේමාව යටතේ මෙවර අප සමරනු ලබන්නේ  5 වන ලෝක ආහාර ආරක්ෂිතතා දිනයයි.

සෑම වසරක ම ලොව පුරා පුද්ගලයන් දස දෙනෙකුගෙන් එක් අයෙක් දූෂිත ආහාර නිසා රෝගාතුරවේ. බැක්ටීරියා,  වෛරස්, පරපෝෂිතයින් හෝ බැරලෝහ වැනි රසායනික ද්‍රව්‍යවලින් අපවිත්‍ර වූ ආහාර ගැනීමෙන් රෝග 200 කට අධික ප්‍රමාණයක් ඇතිවේ.  ආහාර මගින් බෝවන රෝගවලින්  40 % කට ම ගොදුරු වන්නේ ලෝක ජනගහනයෙන් 9% ක් වන වයස අවුරුදු 5 ට අඩු දරුවන්ය. ආහාර ආරක්ෂිතතා ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම තුළින් ආහාරවල ක්ෂුද්‍රජීවී රසායනික හෝ භෞතික දූෂණය පාලනය කිරීම හෝ අවම කිරීම කළ හැකිය.

පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට සහ අදාළ නිෂ්පාදනය කෙරෙහි පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීමට එම ආහාර සපුරාලිය යුුතු නිර්ණායක ආහාර ආරක්ෂිතතා ප්‍රමිතීන් මඟින් ස්ථාපිත කරයි.

ආහාර ආරක්ෂිතතා ප්‍රමිතීන්,  අප කන ආහාරවල ආරක්ෂිතතාව තහවුරු කරන අතර ම එමගින් සියලු දෙනාගේ ජීවිත සහ බොහෝ දෙනෙකුගේ ජීවනෝපායන් ආරක්ෂා වීම ද සිදු වේ. රෝග ඇති වීම හෝ සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට සෞඛාරක්ෂිත නොවන භාණ්ඩ අලෙවිය නැවැත්වීමට මෙන්ම ආහාර අලෙවි කිරීමේ ක්‍රියාදාමය සරල කිරීමට මෙම ආහාර ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

මේ අනුව ආහාර මගින් ඇතිවන අවදානම් වැළැක්වීම හදුනා ගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා අවධානය යොමු කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාවන් දිරි ගැන්වීමට මෙන්ම ආහාර සුරක්ෂිතතාව , මානව සෞඛ්‍ය ,ආර්ථික සමෘද්ධිය, කෘෂිකාර්මික නිෂ්පාදනය, වෙළඳපල ප්‍රවේශය ,සංචාරක ව්‍යාපාරය සහ තිරසර සංවර්ධනය සඳහා දායක වීම  අරමුණු කරගනිමින් මෙවර ලෝක ආහාර ආරක්ෂිතතා දිනය සැමරීමට කටයුතු යොදා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් 2018 වර්ෂයේදී ලෝක ආහාර ආරක්ෂිතතා දිනය සැමරීමට යෝජනා කෙරුණු  අතර  2019 වර්ෂයේ   ලෝක ආහාර ආරක්ෂිතතා දිනය ප්‍රකාශයට පත් කර ඇත. එදින සිට අප රට ද මෙම දිනය සැමරීමට අදාළව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටියි.

Department of Government Information

Rashika Hennayake

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා...

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...