බලන්නකෝ ඉස්සරහට සජිත්ට අමුඩෙත් නැතුව යන්න වෙන්නේ!

Date:

කොළඹ LNW: සෙනග පෙන්වා මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි අතර පොහොට්ටුවේ පාක්ෂිකයින් රැස්වීම්වලට නොපැමිණියද පක්ෂයට ජන්දය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ සිටින සාමාජිකයින්ගෙන් 90%ක්ම රැස්වීම් වලට යන නමුත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තත්ත්වය ඊට වෙනස් අතර 10%ත් 15% අතර ප්‍රමාණයක් රැස්වීම් වලට පැමිණියද ජන්ද සුරක්ෂිතව පවතින බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

”JVP එකේ ඉන්න සාමාජිකයින්ගෙන් 90%ක්ම රැස්වීමට යනවා. අපේ පොහොට්ටුවේ සාමාජිකයෝ 100%ක් නම් ඉන්නේ රැස්වීම්වලට එන්නේ 10%යි 15%යි. ඉතුරු 85% ගෙදර හිටියත් ජන්දේ දෙන්නේ අපිට. සමහරු හිතනවා නම් මෙච්චර සෙනගක් අපිට ඉන්නවා කියල සෙනග පෙන්නලා ජයග්‍රහණය කරන්න පුළුවන් කියල ඒක වෙන්නේ නැහැ.අනිත් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණේ අතීතය මේ රටේ මිනිසුන්ට එහෙම ලේසියෙන් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සජිත් ප්‍රේමදාස මහත්තයෙග් පක්ෂය ඇතුළෙත් මහ විශාල ප්‍රශ්නයක් මතු වෙමින් තියෙන්නේ. කොයිවෙල් හරි මේ බොම්බේ පුපුරනවා. කුමන්ත්‍රණ රාශියක් යනවා. මොකද ඒ නායකත්වය ගැලපෙන්නේ නැහැ කියල පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ තරුණයෝ කියමින් තිබෙනවා. බලන්න කොයි මොහොතේ හරි මේ පක්ෂයෙන් විශාල ප්‍රමාණයක් වෙනම කඳවුරක් හැදෙන තත්ත්වයක් ගැන අපට තොරතුරු ලැබිල තියෙනවා. මැතිවරණය එද්දී මොනවිදිහෙන් ලෑස්ති වෙලා හිටියත්, ඒ කියන්නේ අපිට දැන් පේනවා සජිත් මහත්තයා මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩේ ගහගෙනනේ ඉන්නේ.මේකෙන් පාළුවක් ගලෝගෙන ගිය ගමන් අමුඩෙත් නැතුව තමයි යන්න වෙන්නේ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...