*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

ආණ්ඩුවට අඩුම තරමේ ජනාධිපති අපේක්ෂකයෙක්වත් නෑ. ඔවුන්ගේ කඳවුර ව්‍යාකූල වෙලා ඉන්නේ – අනුර

සටහන – රුවන් නෙළුගොල්ල

දැනට පවතින දේශපාලන තත්වය අනුව ජනමත විචාරණයක් පවත්වන බවට ආණ්ඩුවේ ඇතැමුන් කරන ප්‍රකාශ අසත්‍ය බවත් ස්ථිරව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“මේ ළඟදී රංගේ බණ්ඩාර මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වා ජනතාවගේ කැමැත්ත තිබෙන්නේ රනිල් වික්‍රමසිංහට තව කාලයක් දෙන්නය කියලා. කිව්වට පස්සේ එතන හිටපු මාධ්‍යවේදියෙක් ඇහුවා කොහොමද ඒක දෙන්නේ කියලා. එතකොට එයා හිරවෙලා කිව්වා ජනමත විචාරණයකින් ඒක දෙන්න පුළුවන් කියලා. මේක නිකම් ලොකු ප්‍රවෘත්තියක් බවට පත්වුණේ නෑ. මා දන්නා පරිදි රනිල් වික්‍රමසිංහ රංගේ බණ්ඩාරට කතා කරා. කතා කරලා කිව්වා ‘අර කියපු එක හරියට කියවුණේ නෑ, හරියට කියන්න’ කියලා. ඊටපස්සෙ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා රංගේ බණ්ඩාර නිශ්චිතව කිව්වා නැවත කාලය අවුරුදු දෙකකින් වැඩිකර ගැනීම සඳහා ජනමත විචාරණයක් තියන්න සූදානම් කියලා. හැබැයි ඔබ කවුරුත් දන්නවා දැන් අපේ දේශපාලනයේ බෙදීම් අනුව ජනාධිපතිවරණයේදී දුබල හෝ ප්‍රබල හෝ කඳවුරු කීපයක් ගොඩනැගෙනවා. ජනමත විචාරණයකදී නම් දෙකයි. රනිල් වික්‍රමසිංහලාගෙ කඳවුර ඡන්දය එපා කියනවා, අනිත් සියලු කඳවුරු ඡන්දය ඕනෙ කියනවා. එහෙම දෙකකට බෙදෙන ඡන්දයකදී රනිල් වික්‍රමසිංහට දිනන්න පුළුවන් නම් ජනාධිපති ඡන්දය කොහොමත් පුළුවන්. එනිසා ජනාධිපති ඡන්දය කොහොමත් දිනන්න බැරි කෙනා ජනමත විචාරණය කොහොමටවත් දිනන්න බෑ. එනිසා ඒවා මේ සමාජයේ ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීම සඳහා කරන ප්‍රකාශ. දේශපාලන ව්‍යාපාර එළඹෙන ජාතික මැතිවරණයක් ඉලක්ක කරමින් වැඩ කරගෙන යනවා. එහෙම වැඩසටහනක් ආණ්ඩුවට නෑ. අඩුම තරමේ ඉල්ලන්නෙ කවුද කියලාවත් නෑ. පොහොට්ටුව සහාය දෙන්නෙ කාටද කියලා නෑ. එනිසා ඒ කඳවුර ව්‍යාකූලත්වයට පත්වී තිබෙනවා. එනිසා ඔවුන්ට ඕනෙ වෙලා තියෙනවා සමාජය ව්‍යාකූලත්වයට පත්කරන්න ඡන්දය නෙවෙයි ජනමත විචාරණය කියලා. ඔය ජනමත විචාරණයක් පැවැත්වෙන්නෙ නෑ ඒක බොරුවක්. එනිසා දැන් තියෙන තත්වය අනුව ජනාධිපතිවරණය ස්ථිරයි”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පැවති ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් නීතීඥ සමුළුව අමතමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan