ජනාධිපති රනිල් හෙට ඉන්දියාවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 08 , කොළඹ (LNW):

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (09) ඉන්දියාවට යාමට නියමිතව ඇත.

ඒ, ඉන්දියානු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහායි.

අනතුරුව ජනාධිපතිවරයා දින දෙකක කාලයක් ඉන්දියාවේ රැදී සිටිනු ඇති බව පැවසේ.

ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙම උත්සවයට සහභාගී වන්නේ ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සිය දිවුරුම් දීමේ උළෙලට සහභාගීවන ලෙස කළ ආරාධනයක් අනුවයි .

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ, දිවුරුම් දීමේ උත්සවය හේතුවෙන් නවදිල්ලි නුවර ආරක්ෂාව තර කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ...

කතරගම රත්තරන් විකිණීමට එරෙහිව දේව කන්නලව්වක්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර...

Free Lawyers දැවැන්ත නීතීඥ සමුළුවක් පැවැත්වීමට සූදානමින්

විපක්ෂයට සම්බන්ධ නීතීඥවරුන්ගෙන් සමන්විත Free Lawyers සංවිධානය විසින් ජනවාරි...