සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු රැසක් සජිත් මැතිසබයට ගෙනෙයි (VIDEO)

Date:

පසුගිය කාලයේ කොවිඩ් වසංගතය දරුණු ලෙස පැතිර ගිය සමයේ දී දැඩි සීමාවන්ට යටත්ව වුව ද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයන් හි නියැලෙන්නන් සිය ව්‍යාපාර පවත්වා ගෙන යාමට සමත්විය. කෙසේ වෙතත්, ආණ්ඩුව විසින් හිතාමතා රට තුළ නිර්මාණය කළ ආර්ථික අර්බුදය හේතුවෙන් අද වනවිට එම ව්‍යාපාර බරපතල ලෙස කඩා වැටීමකට ලක්ව තිබේ. ඒ සම්බන්ධයෙන් මවිසින් 2021.09.22 වැනි දින ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් පැන නැගීය. කෙසේ නමුත්, පැවති ආණ්ඩුව හෝ පවතින ආණ්ඩුව ඒ සඳහා නිශ්චිත පිළිතුරක් ලබා දීමට අද වනතෙක් අසමත් වී ඇත.

අද වනවිට මෙම ක්ෂේත්‍රයන් මුහුණ දෙනු ලබන ප්‍රධානම අර්බුදයන් වනුයේ, ලබාගත් බැංකු ණය වාරික, ලීසිං වාරික ගෙවීමට නොහැකි වීමත්, ඩොලර් හිඟය හේතුවෙන් සිය කර්මාන්තයන් පවත්වා ගෙන යාමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි වීමත් ය. මීට අමතරව, පවතින බලශක්ති ගැටලුව හේතුවෙන් කාර්යක්ෂමතාවය දැඩි ලෙස සීමා වී ඇත.

පවත්නා තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී 27/2 යටතේ නැවත ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනු ලැබීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...