දරවලින් ඉව්වාම ආයු රක්ඛංතු ආවඩා – වියත්මගේ වීරසේකරගේ විග්‍රහය (VIDEO)

Date:

ගෑස් වෙනුවට දර භාවිතය තුළින් කාන්තාවන්ගේ ආයු කාලය ඉහළ යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

“අද ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වන්නේ ගෑස් හිඟය සහ ගෑස් මිල අධික ලෙස ඉහළ යෑම. අපේ මාධ්‍යවලින් ගෑස් පෝලිම්, ඒකෙ දුක, මිනිස්සු රජයට බනින හැටි පෙන්නුවාට විකල්ප විසඳුම් පෙන්වන්නේ නෑ. කාර්යක්ෂම දර ලිප්, කාර්යක්ෂම අඟුරු ලිප්, ජීවවායු ලිප් තියෙනවා. මේවා කිසිවිටෙක මාධ්‍යවලින් හඳුන්වා දෙන්නෙ නෑ. ඇත්තෙන්ම අපි මේ සෘණාත්මක චින්තනයෙන් මිදිය යුතුයි. අපේ රටේ නිලධාරීන් වඩාත්ම නැඹුරු වෙලා තියෙන්නෙ මේ වාණිජමය ඉන්ධනවලට මිසක් දර වලට නෙවෙයි. ඒක නිසා දර සැපයුම සහ භාවිතය ගැන අපි මීට වඩා අවධානය යොමුකළ යුතුයි. නවීන බලශක්ති ඉන්ධන භාවිතා කරන දියුණු රටවල මිනිසුන්ගේ ආයු කාලය වසර 80 – 85 යි. නමුත් ලංකාවේ ගෑස් මිලදී ගැනීමට අපහසු දර භාවිතා කරන කාන්තාවන්ගේ ආයු කාලය වසර 80.1 යි. ඒ කියන්නෙ ලංකාවේ දර්ශක දකුණු ආසියාවේ ඉහළම තැනට පත්වෙලා තියෙනවා. එයින් පෙන්වන්නේ දර පාවිච්චිය රටේ සංවර්ධනයට මිස පරිහානියට හේතුවෙන්නේ නැති බවයි”

සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තලංගම, අකුරේගොඩ වෙඩි තැබීම පිළිබඳ විමර්ශනයට විමර්ශන කණ්ඩායම් 10ක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ වෙඩි...

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: ‘ඒ ගොල්ලො අපිට දෙනනෙ...

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව