ස්වාධීන වූ චම්පික 65 වැනි සේනාංකය හදන ලකුණු !

Date:

සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන වූ පාඨලී චම්පික රණවක මහතා ඉදිරියේදී නව දේශපාලන පෙරමුණක් නිර්මාණය කිරීමට සූදානම් වන බව ඒ මහතාගේ පවුලේ සමීප ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව දැනට ස්වාධීන වී සිටින මන්ත්‍රීවරුන් ඇතුළුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් 45 දෙනෙකුත් සමගි ජන බලවේගයෙන් 15 දෙනෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 03 දෙනෙකුත් මෙම නව පෙරමුණට එකතු වීමට නියමිත බව සඳහන්.

මීට අමතරව දැනට ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධුර භාරගෙන සිටින හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන්ගේ සහාය ද චම්පික රණවක මහතාගේ නව පෙරමුණට ලැබෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එමෙන්ම මෙම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව නව පෙරමුණක් වශයෙන් සංවිධානය කරගත් වහාම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ද ලබාගැනීමට රණවක මහතා සූදානමින් සිටින බවත් වාර්තා විය.

චම්පික රණවක මහතා මේ වනවිට දේශපාලනය කරගෙන යන්නේ සේනාංක ක්‍රමයට නිසා මෙම නව පෙරමුණ “65 වැනි සේනාංකය” වශයෙන් නම් කිරීමට ද බැරි නැත ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...