අදානි සමඟ එක් වී සුළං විදුලියෙන් ගසාගෙන කන්න හදන්නේ මෙහෙමයි! (VIDEO)

Date:

විදුලි බල සංශෝධන පනතට විරෝධය පළකරමින් අද (08) මධ්‍යම රාත්‍රී 12.00සිට විදුලි බල මණ්ඩලයේ සියලුම සේවකයින් සිය රාජකාරිවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමර්ග ගැනීමේ සූදානමකින් පසුවෙයි.

මධ්‍යම රාත්‍රී 12.00 වන විට මෙම පද්ධතිය භාර ගැනීමට රජයේ පාර්ශවයක් ඉදිරිපත් නොවන්නේ නම් ක්‍රමානුකූලව පද්ධතියේ යන්ත්‍ර සූත්‍රවලට හානි නොවන පරිදි සේවාවලින් ඉවත් වීමට විදුලි සේවකයින් සැලසුම් කර තිබෙන අතර ඒ අනුව හෙට දින පෙරවරු 08.00 පමණ වන විට සමස්තයක් ලෙස විදුලිය සැපයුම ඇනහිටිය හැකි බවටයි එම ඔවුන් සඳහන් කරන්නේ.

අද දින විදුලි බල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති එක්ව කැඳවූ මාධ්‍ය හමුවේදී එහි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රන්ජිත් මහතා පැවසුවේ සංශෝධිත පනත හරහා තරඟකාරී මිලට විදුලිය ගැනීමට ඇති අවස්ථාව අහිමි කර රජයට තමන් කැමති පාර්ශවයකට කැමති මිලකින් විදුලිය ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවයි.

එය සමස්තයක් ලෙස ජනතාවට කෙරෙන බලවත් ආසාධාරණයක් බව ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර මන්නාරම,පුනරීන් ඇතුළු ප්‍රදේශවල යෝජිත මෙගා වොට් 500ක සුළං විදුලි බල ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගම වෙත ඩොලර් සත 7.55ක මිලකට ලබා දීමට යෝජිත බවත් මෙහි පවතින ප්‍රශ්නය වන්නේ විදුලි බල මණ්ඩලය විසින් සාදා තිබෙන මෙගා වොට් 100ක තම්බපවනි බලාගාරයේ නිෂ්පාදන වියදම යන්නේ ඩොලර් සත 4කටත් අඩුවෙන් බව අනිල් රන්ජිත් මහතා පෙන්වාදුන්නේය.

එලෙස නිෂ්පාදන පිරිවැය අවම කර ගත හැකි අවස්ථාවක අදානි සමාගම වෙත වැඩි මිලකට එම ව්‍යාපෘතිය ලබා දීම ප්‍රශ්න සහගත බව ඔහු කියා සිටියේය.

එමෙන්ම අදානි සමාගම මුලින් දක්වා තිබුණේ ඩොලර් සත 6.50කට වන නමුත් අවසානයේ ඩොලර් සත 7.55 දක්වා වැඩි වුණේ ඇයිද යන ප්‍රශ්නයද පවතින බවයි සභාපතිවරයා පැවසුවේ.

තවද මෙම සුළං විදුලි බලාගාර ඉදිකිරීම සඳහා දේශීය ආයෝජකයින්ද අඩු මිල ගණන් වලට ඉදිරිපත් වී සිටියද ඔවුන්ටද එම ආයෝජන අවස්ථාව අහිමි කර අදානි සමාගම වෙත ලබා දීමට රජය තීරණය තිබේ.

ඒ අනුව බැලූ බැල්මටම මෙහි හොරයක් පවතින අතර මේ උත්සහ කරන්නේ ජනතාවගේ පොකට්ටුවේ තිබෙන මුදල් උදුරා ගැනීමට බව ඔහු අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...