පිලිපීනයට ප්‍රබල භූමිකම්පාවක්; සුනාමි අනතුරු ඇඟවීම් නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
පිලිපීනයේ මින්ඩනාඕහි වාර්තා වූ රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රභල භූමිකම්පාවක් හේතුවෙන් පිලිපීන ඒජන්සිය සහ එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබේ.

ඒ අනුව, භූකම්පනය හේතුවෙන් පිලිපීනයේ සමහර වෙරළ තීරයන්හි මීටර් 3 (අඩි 10) දක්වා සුනාමි රළ හා ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ සමහර වෙරළ තීරයන්හි මීටර් 1 (අඩි 3) දක්වා රළ ඇති විය හැකි බවත්, මෙහි බලපෑම තායිවානය, ජපානය, ගුවාම්, පැපුවා නිව්ගිනියාව සහ බටහිර පැසිෆික් කලාපයේ දූපත් ජාතීන් සහ ප්‍රදේශ කිහිපයක ඇතිවිය හැකි බවට නිවේදනය කර තිබේ.

රටේ දෙවන විශාලතම දූපත වන මින්ඩනාඕ හි අඛණ්ඩ ගලවා ගැනීමේ කටයුතු මේවන විටත් සිදුවෙමින් පවතින අතර භුමිකම්පාව හේතුවෙන් නිවාස හා ගොඩනැගිලි විනාශ වී ඇති නමුත් ජිවිත හානි මෙතෙක් වාර්තා නොමැත.

ලෝකයේ වඩාත්ම ආපදාවන්ට ලක්විය හැකි රටවලින් එකක් වන පිලිපීනය, සාගරය වටා ඇති භූ කම්පන චක්‍රයක් වන පැසිෆික් “ගිනි වළල්ලේ” පිහිටීම නිසා බොහෝ විට භූමිකම්පා සහ ගිනිකඳු පිපිරීම් වලට ගොදුරු වේ. සෑම වසරකම මෙම දූපත් සමූහයට සුළි සුළං සහ නිවර්තන කුණාටු 20 ක් පමණ එල්ල වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...