රෂිකා හෙන්නායක ජුනි 08 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානය සහ ඊශ්රායලය අතර පවතින උග්ර යුදමය තත්ත්වය හමුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර ඇති වී තිබෙන රාජ්යතාන්ත්රික ගැටුම පිළිබදව විදෙස් මාධ්ය පෙන්වා දෙයි.
මැදපෙරදිග කලාපයේ සාම ගිවිසුමක් ඇති කිරීමට ට්රම්ප් උත්සාහ කළද, ඔහුගේ උපදෙස් නොතකා ඊශ්රායලය ඉරානයට ප්රහාර එල්ල කිරීම නිසා දෙරට අතර සබඳතාවල දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇත.
ට්රම්ප් පවසන්නේ තීරණ ගැනීමේ බලය තමා සතු බව වුවත්, ඊශ්රායලය දිගින් දිගටම ලෙබනනය සහ ඉරානය තුළ මිලිටරි මෙහෙයුම් දියත් කරමින් සිටියි.
මෙම යුදමය උත්සන්න වීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගොස් ඇති අතර, ඇමරිකාව සහ ඉරානය අතර ඇති වීමට නියමිත සාම එකඟතාවන්ට ද එයින් බාධා එල්ල වී තිබේ.
ඒ අනුව කලාපීය බලවතුන්ගේ පරස්පර ක්රියාකලාපයන් හේතුවෙන් ජාත්යන්තර දේශපාලන ස්ථාවරත්වය දැඩි අභියෝගයකට ලක්ව ඇති ආකාරය පෙනී යයි.



