කොළඹ LNW:රැඳවුම් නියෝග මත සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව මෝසමක් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ, කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත දැනුම්දී තිබේ.
එලෙස ඔහුව ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුල් කරන ලද්දේ ඊයේ (07) රාත්රියේය.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරමින් තිබෙන විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග ලබා ගනිමින් පරීක්ෂණ සිදුකෙරෙමින් පැවතුණි.
එහිදී තමාට අමානුෂික වදහිංසා සිදුකරන බවට පවසමින් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළම ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කර තිබුණි.
ඉන් අනතුරුවයි ඔහුව ප්රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුල් කර ඇත්තේ.
මේ වන විට පාස්කු ප්රහාරයේ විමර්ශනයන්ට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිවද අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.


