රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයට තවත් 237ක්…

රෂිකා හෙන්නායක ජුනි 08, කොළඹ LNW :

රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණිය සඳහා 237 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායමක් බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වනවිට කටයුතු සූදානම් කර ඇත‍.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින රෝහල් හා ආයතනවල රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ එළඹෙන 2026 ජූනි මස 20 සහ 21 යන දිනවලදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2025.08.31 දින පවත්වන ලද විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත මෙම බඳවා ගැනීම් සිදු කෙරේ.

මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලබනුයේ ඉහත විභාගයෙන් ලකුණු 141 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගත් අයදුම්කරුවන් පමණි.  

ඒ අනුව සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් වෙත කැඳවීම් ලිපි ලියාපදිංචි තැපෑල මඟින් යොමු කිරීමට කටයුතු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කිරිමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

මෙරට නිදහස්  සෞඛ්‍ය සේවාවේ මානව සම්පතේ, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ පිළිබඳව ප්‍රමුඛ අවධානය යොමු කරමින් සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකු පසුගිය ජනවාරි මාසයේ දී බඳවා ගනු ලැබූ අතර, මෙම බඳවා ගැනීම එහි දෙවන  කණ්ඩායමයි.

සම්මුඛ පරික්ෂණ අවසන් වූ වහාම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...