*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 06/08

  1. ජූනි අවසානවන විට ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳ කාලානුරූපී වැඩසටහනක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි: මේ පිළිබඳව අවසාන තීරණයක් ගැනීමට ඔවුනට නොහැකි බැවින් මීට අදාළ තොරතුරු අනාවරණය කිරීම සුදුසු නොවන බව ද පවසයි.
  2. ඉදිකිරීම් අංශයේ කඩා වැටීම හේතුවෙන් ලක්ෂ 10කට රැකියා අහිමි වී ගොස් ඇති බව සියලු පළාත්වල කුඩා, මධ්‍ය හා මහා පරිමාණයේ ඉදිකිරීම් සමාගම් නියෝජනය කරන සංගම්වල නියෝජිතයන්, වාස්තු විද්‍යාත්මක සහ ඉංජිනේරු සංගම්, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, සහ ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීමේ ආංශික අධීක්ෂණ කමිටුව වෙත දන්වා තිබේ.
  3. ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්, 2023 අප්‍රේල් මස පැවති ඇ.ඩො. මිලියන 2,761 ට සාපේක්ෂව 2023 මැයි වන විට ඇ.ඩො. මිලියන 3,483 දක්වා 26.2% කින් ඉහළ ගොස් තිබේ: ගත වූ මාස 03 තුළ රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර බවට පත් වූ විදෙස් ආයෝජකයන් විසින් ලබා දුන් ඇ.ඩො. මිලියන 500 කට අධික මුදලක් (hot-money) මෙම සංචිතවලට ඇතුළත් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති: එමෙන්ම, ශ්‍රී ලංකා රුපියලේ සිදුවූ හදිසි අධිප්‍රමාණය සහ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර පොලී අනුපාත අධික ලෙස ඉහළ යාම හේතුකොටගෙන මෙවන් (hot-money) ආයෝජන හරහා එකී ආයෝජකයන් දැවැන්ත මුදලක් උපයා ගැනීමට ද සමත්ව ඇති බව ඔවුහු සැල කරති.
  4. 2023 පළමු මාස 04 තුළ පරාටේ නීතිය (Parate execution law) යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික කර්මාන්තකරුවන්ගේ දේපල 400 කට අධික ප්‍රමාණයක් අත්පත්කරගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි: දිනපතා පුවත්පත්වල විශාල වශයෙන් පරාටේ වෙන්දේසි පිළිබඳ වෙළඳ දැන්වීම් පළවනු දක්නට හැකිය.
  5. යාපනය ප්‍රදේශයේදී පොලීසිය සමඟ ඇතිකරගත් උණුසුම්කාරී තත්ත්වයක් මත අත්අඩංගුවට පත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පා.ම. ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ: ඔහු අත්අඩංගුවට ගැනීම පිළිබඳව පිවිතුරු හෙල උරුමයේ නායක පා.ම. උදය ගම්මන්පිල පොලීසියට ස්තූතිය පළ කරයි.
  6. එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර ලේකම් රොබර්ට් කැප්රොත් (Robert Kaproth) සිය නිල ශ්‍රී ලංකා සංචාරය අවසාන කරයි: තම සංචාරය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය අලි සබ්‍රි සහ කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යන අය හමුව තිබේ: ශ්‍රී ලංකාවට තම ආර්ථික අභියෝග ජය ගැනීමට සහ ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට එක්සත් ජනපදයට සහාය ලබා දිය හැකි ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමුකරන බවට යළි සහතික වෙයි.
  7. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර දිගු කාලයක් මුළුල්ලේ පැවති ඝට්ඨනයක් අවසන් කරමින්, සමඟි ජන බලවේගයේ පා.ම. හර්ෂ ද සිල්වා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිධුරයට පත්වෙයි: මෙම පත්වීම ලබා දී තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබා දුන් යෝජනාවකට අනුවය.
  8. විජේරාම හන්දිය අසලදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ අන්තර්-විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාර හා කඳුලු ගෑස් ප්‍රාහාර දියත් කරයි.
  9. විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවන් දෙදෙනෙකුට වඳුරු උණ ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි: මෙසේ වඳුරු උණ ආසාදනය වී තිබෙන්නේ මවක් සහ ඇගේ දියණියට වන අතර, ඔවුන් දෙදෙනා මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
  10. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති 3 වන එක්දින ක්‍රිකට් තරඟය කඩුලු 9 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි: ඇෆ්ගනිස්ථානය 116 (22.2): දුෂ්මන්ත චමීර 63/4, ලහිරු කුමාර 29/2, වනිඳු හසරංග 7/3: ශ්‍රී ලංකාව 120/1 (පන්දුවාර 16): දිමුත් කරුණාරත්න 56*, පැතුම් නිශ්ශංක 51; ශ්‍රී ලංකාව තරඟාවලිය 2-1ක් ලෙස ජය ගනී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan