සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW) : අද (08) පාර්ලිමේන්තුවේදී පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා සිටියේ , ඉදිරියේ දී පොලී අනුපාතයන් පහළ යා හැකි බවත් , ආර්ථිකය ස්ථාවරවීම තුළ ජනතාවට එම සහන ලබාදෙන බවත්ය .
රාජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් පැවසූවේ, උද්ධමනය වේගයෙන් පහළයෑම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බැංකු තුළින් එම සහනය ලැබෙනු ඇති බවයි .
පසුගිය මාස කිහිපය තුළ පොලී අනුපාතය අඩුවීමේ වැඩිම අගය ඊයේ දින වාර්තා වූ අතර , දින 91ක භාණ්ඩාගාර බිල්පත් සඳහා 2.5% පොලී අනුපාතිකයක් අඩුවී ඇති අතර දින 182 භණ්ඩාගාර බිල්පත් සඳහා 3.4%කට ආසන්න ප්‍රතිශතයකින් අඩුවී ඇති බවද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??