සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW) : සහනදායි ලෙස අරමුදල් සපයාගැනීම සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව කටයුතු කර ඇත. ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් අනුව එම පියවර ගත් බව එම බැංකුව පවසයි .
ඒ අනුව , අඩු පොලියකට අරමුදල් සපයාගෙන එමගින් රටේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පියවරගෙන ආර්ථික ස්ථායිතාවය ඇතිකිරීමට අවස්ථාව ලැබෙතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ .
තවද , ආසියානු සංවර්ධන බැංකු නිවේදනයේ වැඩිදුරටත් පවසන්නේ , එමගින් දරිද්‍රතාවයෙන් පෙලෙන සහ අවදානමට ලක්විය හැකි ජන කොටස් සඳහා අවශ්‍ය සහාය ලබාදිය හැකිවෙනු ඇති බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??