මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන RM පාර්ක්ස්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (08) දිනයේදී අමෙරිකානු බලශක්ති සමාගමක් වන RM පාර්ක්ස්, ෂෙල් සමාගම හා එක්ව මෙරට බලශක්ති වෙළඳපොළට එක්වීම සදහා වන ගිවිසුම්ගත වීම  සිදුව තිබෙනවා.

“ෂෙල්” වෙළඳ සන්නාමය යටතේ මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන RM පාර්ක්ස් යනු ලංකාවට එකතුවන වන හතරවන ඉන්ධන සමාගම වන අතර , අද දින අත්සන් කළ ගිවිසුම අනුව වසර විස්සක කාලයක් සඳහා එම සමාගමට ඉන්ධන ආනයන කිරීමේ, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ අවසරය හිමිවන බව සඳහන් .

තවද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ගිවිසුම්ගත වී ඇති ඉන්ධන පිරවුම්හල් 150ක් මගින් එම ව්‍යාපාර ආරම්භ කරන අතර තවත් නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමේ අවසරයද ඔවුනට ලැබෙනු ඇති බව සඳහන් .

විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශය සඳහන් කරන්නේ , ස්වයංක්‍රීය ඉන්ධන බෙදුම් යන්ත්‍ර, ඉලෙක්ට්‍රොනික වාහන ආරෝපණ යටිතල පහසුකම් සහ වෙළඳසැල්වලින් සමන්විත නව ඉන්ධනහල් සංකල්පයක් සමග ඔවුන් මෙරට ඉන්ධන වෙළඳපොළ නව තලයකට එක් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන...

ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...

කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...