මගෙත් එක්ක සෙල්ලම් බැහැ. අද මම 06 වෙනි හෙළිදරව්ව කරනවා – ගම්මන්පිල

Date:

කොළඹ LNW:බහාලුම් 323 නිදහස් කිරීමට අදාළ ලේඛණය තමන් අද (09) දිනයේ ප්‍රසිද්ධියට පත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

තමන් විසින් මීට පෙර හෙළිදරව් කළ කිසිවක් ආණ්ඩුව ප්‍රතික්ෂේප කර නොමැති බවට පැවසූ උදය ගම්මන්පිළ මහතා සාක්ෂි නොමැතිව තමන් කිසි දිනක කතා කර නොමැති බවයි සඳහන් කළේ.

ඒ අනුව අද දිනයේ තමන් 06 වන හෙළිදරව්ව සිදුකරන බව හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

වචනයක් වැරදුණු පසු තමා ඇතුළට දැමීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් ඒ සෙල්ලම් තමන් සමඟ කිරීමට නොහැකි බවද ඔහු පැවසුවේය.

කන්ටේනර් නිදහස් කිරීමේ සිදුවීමට සම්බන්ධ නිලධාරීන් රටින් පිටවීම සඳහා සැලසුම් කරමින් සිටින හෙයින් ඔවුන්ට විදේශ ගමන් තහනමක් පැනවීම සඳහා කටයුතු කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (09) බහාලුම් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...