මගෙත් එක්ක සෙල්ලම් බැහැ. අද මම 06 වෙනි හෙළිදරව්ව කරනවා – ගම්මන්පිල

Date:

කොළඹ LNW:බහාලුම් 323 නිදහස් කිරීමට අදාළ ලේඛණය තමන් අද (09) දිනයේ ප්‍රසිද්ධියට පත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

තමන් විසින් මීට පෙර හෙළිදරව් කළ කිසිවක් ආණ්ඩුව ප්‍රතික්ෂේප කර නොමැති බවට පැවසූ උදය ගම්මන්පිළ මහතා සාක්ෂි නොමැතිව තමන් කිසි දිනක කතා කර නොමැති බවයි සඳහන් කළේ.

ඒ අනුව අද දිනයේ තමන් 06 වන හෙළිදරව්ව සිදුකරන බව හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

වචනයක් වැරදුණු පසු තමා ඇතුළට දැමීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් ඒ සෙල්ලම් තමන් සමඟ කිරීමට නොහැකි බවද ඔහු පැවසුවේය.

කන්ටේනර් නිදහස් කිරීමේ සිදුවීමට සම්බන්ධ නිලධාරීන් රටින් පිටවීම සඳහා සැලසුම් කරමින් සිටින හෙයින් ඔවුන්ට විදේශ ගමන් තහනමක් පැනවීම සඳහා කටයුතු කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (09) බහාලුම් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...