බුත්තල පිහිටි රජයේ ධාන්‍ය ගබඩාව නිරීක්ෂණය කළ කෘෂි ඇමති!

Date:

රෂිකා හෙන්නායක ජුනි 09, කොළඹ LNW :

පසුගියදා ,කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා බුත්තල පිහිටි රජයේ ධාන්‍ය ගබඩාව නිරීක්ෂණය කළ බව වාර්තා වේ.

එහිදී ගබඩාවේ තිබූ ධාන්‍ය තොග පරීක්ෂා කළ අමාත්‍යවරයා එහි සේවක මඬුල්ල සමඟ ද සුහද සාකච්ඡාවක නිරත විය.

මෙහිදී අමාත්‍යවරයා කොපමණ ධාන්‍ය ප්‍රමාණයක් එක් රැස් කර තිබෙනවාද යන්න සහ එසේ එක් රැස් කර තිබීමෙන් රටේ සහල් ගැටලුවක් නිර්මාණය වීමට තිබෙන ඉඩකඩ මෙන්ම, බඩඉරිඟු පිළිබඳව ගැටලුවක් නිර්මාණය වීමට ඇති ඉඩකඩ පිළිබඳව ගබඩා භාරව ක්‍රියා කරන නිලධාරීන් සමඟ සාකච්ඡාවක් සිදු කළේය. එමෙන්ම දත්ත වාර්තා ගැන සොයා බලමින් ගබඩාවන් ද පරීක්ෂාවට ලක් කළේය.

නිසි ක්‍රමවේදයකින් ආයතනය පවත්වාගෙන යාමට මෙන්ම එහි නඩත්තු කටයුතු ක්‍රමවත්ම පවත්වාගෙන යාමට රජයේ මැදිහත්වීම ඉදිරියට ලැබෙන බව එහි නිලධාරීන්ට අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර, එම සියලුම කරුණු සම්බන්ධයෙන් එහි නිලධාරීන් සිය එකඟතාවය පළ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...