”සැවොම නිදහස් ලබන තෙක් කිසිවෙකු නිදහස් නැත” – මැඩ්ලීන් නෞකාවේ නිදහස වෙනුවෙන් කොළඹදීත් ඉටිපහන් දල්වයි! (PHOTO STORY)

Date:

කොළඹ LNW:ගාසා තීරය වෙත ආහාර සහ ඖෂධ රැගෙන යමින් තිබූ Madleen (මැඩ්ලීන්) නම් නෞකාව ඊශ්‍රායල හමුදා විසින් අත්පත් කරගැනීමට විරෝධය දක්වමින් කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

පලස්තීන නිදහස් ව්‍යාපාරය විසින් එය සංවිධානය කර තිබුණු අතර ඊශ්‍රායල ග්‍රහණයෙන් එම යාත්‍රාව නිදහස් කරන ලෙසයි එහිදී බල කෙරුණේ.

යත්‍රාවේ නිදහස වෙනුවෙන් මෙන්ම ගාසා තීරය ඊශ්‍රායල ග්‍රහණයෙන් මුදාගැනීම වෙනුවෙන් ඉටිපන්දම් දල්වමින් සිය විරෝධය දැක්වූ අතර නෞකාව නිදහස් කරගැනීම වෙනුවෙන් ජාත්‍යන්තරයම සිය හඬ අවදි කළ යුතුව ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

සැවොම නිදහස් ලබන තෙක් කිසිවෙකු නිදහස් නැත යනුවෙන් ඔවුන් තවදුරටත් අවධාරණය කරයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...