ජනතාව බලාපොරොත්තු වූ දේවල් ඉටු නොවුණත් මගේ බලාපොරොත්තු ඉටුවුණා – බැසිල් (VIDEO)

Date:

තමන්ගේ ශක්ති ප්‍රමාණයට අනුව කිරීමට තිබූ දේවල් කළ බවට තමන් සිතන අතර ජනතාව බලාපොරොත්තු වූ සියලු දෙවල් ඉටු කිරීමට නොහැකි වූ බව හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (09) පාර්ලිමේන්තු දිවියට සමුදෙමින් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වීම දැනුම් දීම සඳහා කැඳවා තිබූ හමුවේදීය.

තමන් ලංකාවට පැමිණෙන විට බරපතල චෝදනා දෙකක් එල්ල වී තිබුණු බවත් ඉන් එකක් යහපාලන ආණ්ඩුව විසින් එල්ල කර තිබුණු දූෂණ චෝදනා හා අනෙක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ගේ පරාජයට තමන් වගකිව යුතු බවට වන චෝදනාව බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් පසුගිය සතියේදී තමන්ට එරෙහිව ගොණු කර තිබුණු අවසන් චෝදනවෙන්ද නිදොස් වූ අතර මහින්ද රාජපක්ෂ මහතාව නැවත ජනතාව පිළිගන්නා තනතුරකට පත්වෙනතුරු ඔහු සමඟ කටයුතු කර ජයග්‍රහණය කරවීමේ අවශ්‍යතාවද ඉටූ වූ බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව තමන් බලාපොරොත්තු වූ කාරණා ඉටුව තිබෙන බවත් තමන් කිසිම දවසක මුදල් අමාත්‍ය ධූරයක් බලාපොරොත්තු නොවූ බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...