දරුවන්ට ස්මාර්ට් ෆෝන් දෙන්න බයවෙන්න එපා – ධම්මික පෙරේරා (VIDEO)

Date:

දරුවන්ට ස්මාර්ට් ජංගම දීමට බිය නොවන ලෙසත් එය සිදුකළ යුතු ආකාරයක් පවතින බවත් ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා පවසයි.

“දෙමව්පියන්ට මම කියන්නේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් ඒක කම්පියුටර් එකකට කන්වර්ට් කරගන්න. කෝඩින් ඇන්ඩ් රොබොටික්ස් කැම්පස් එකේ ගුරුවරයා ඒක ඕගොල්ලන්ට හදලා දෙයි. ඒක හින්දා තමන්ගෙ ගෙදර තියෙන ස්මාර්ට් ෆෝන් එක ලැප්ටොප් එකක් කරගෙන, ගෙදරත් තමන්ගෙ දරුවාට වැඩකරගන්න දෙන්න. මොකද රුපියල් 500ක ඩේටාවලින් යූටියුබ් පැකේජ් එකක් දාගත්තාම ගෙදරදීත් මේක කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඕගොල්ලෝ, අපි ඔක්කොම එකතුවෙලා මේ තියෙන ප්‍රශ්නවල ජීවත් වෙන්නෙ නැතුව අපි විසඳුම් හොයන සමාජයකට යමු. අපි අපේ ළමයින්ව එතෙන්ට ගේමු. මම හිතනවා ඒ විදියට ගේන්න අවශ්‍ය මානසික ශක්තිය හැමෝටම ලැබෙනවා කියලා. මොකද මානසික ශක්තිය තමන්ටම තමයි තියෙන්නෙ. වටපිටාවේ ඒ මානසික ශක්තිය උදුරාගන්න වැඩ තමයි හැමතිස්සේම සිද්ධ වෙන්නෙ. ගොඩාක් ළමයි අර ගඟ පල්ලෙහාට තමයි යන්නෙ. උඩුගං බලා යන ළමයින් කීපදෙනා අතරට තමන්ගෙ දරුවාව එක්කර ගත්තොත් තමන්ගෙ ප්‍රශ්නෙ ඉස්සෙල්ලාම ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මම හැමෝගෙන්ම ඉල්ලනවා, මේ ලැබෙන දෙයින් ලබන අවුරුදු දෙක ඇතුළත මේ රුපියල් ලක්ෂ 26 දැනුම මේ ළමයින්ට යනවා. ඒක හින්දා මේ අවුරුදු දෙක තියලා බලන්න. මාස හයකින් ආයෙ හිතලා බලන්න මම මේ අද කියපු දේවල් ඇත්තද, ළමයා සම්පූර්ණ වෙනස් වෙලාද කියලා. මොකද පිටරට මේ ලක්ෂ 26 පාඨමාලාව ප්‍රොජෙක්ට් 8න් 8ට විකුණන්නෙ. අපි සම්පූර්ණයෙන්ම නොමිලේ දෙනවා.

ඒක හින්දා මම කියන්නෙ ළමයාගෙ වෙනස්වීම් ටික බලන්න. ළමයා ෆෝන් එක ඉල්ලලා ඕගොල්ලොත් එක්ක රණ්ඩු වෙලා ඇති, හැබැයි ප්‍රොජෙක්ට් 32ක් විතර කළාට පස්සේ ඒ කිසිදේකට බයවෙන්න එපා. ළමයාට එක දෙයයි කියන්න තියෙන්නෙ, අර කාමර අස්සට රිංගන්නෙ නැතුව ඔයා ඉඳගන්න සාලෙ හරි, කෑම කන මේසෙ හරි හැමෝටම පේන තැනක හෑන්ඩ් ෆෝන් එක අරගෙන කෝඩින් කරන්න කියලා. මොකද එතන ළමයා හිටියොත් අම්මා එනකොට අම්මා දන්නවා මේ ළමයා මේ කෝඩින් ප්‍රොජෙක්ට්ස් තමයි කරන්නෙ කියලා. මොකද ඉස්සර ඕගොල්ලො ෆෝන් එක දුන්නාට ළමයාට කරන්න දෙයක් නෑ, ළමයා තියෙන හැම බට්න් එකක්ම ඔබලා බලනවා, හැම අකුරක්ම ගහලා බලනවා. ඉතින් ඊට පස්සෙ කියනවා එහෙමෙහෙ යනවා කියලා. හැබැයි දැන් ඉඳලා හෑන්ඩ් ෆෝන් එකෙන් කරන්න දෙයක් ළමයාට තියෙනවා. මම කෝඩින් ගැන කිව්වා , දැන් ලංකාවේ තියෙන හොඳම පාසල මම ඕගොල්ලොන්ගෙ හෑන්ඩ් ෆෝන් එකට දීලා තියෙනවා. ඩීපී එඩියුකේෂන් ගිහිල්ලා බැලුවාම ඒකෙ තියෙන සියලුම විෂයයන් තියෙනවා ළමයින්ට ඉගෙන ගන්න”

ධම්මික පෙරේරා මහතා මේ බව පැවසුවේ පසුගියදා අම්පාර ප්‍රදේශයේදී පැවති ඩීපී කෝඩින් ඇන්ඩ් රොබොටික්ස් කැම්පස් ශාඛාවක් විවෘත කිරීමේ වැඩසටහනක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...