ලකුණු අඩු නිව්යෝර්ක් පිටියේ පකිස්තානය සිර වෙයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 10 , කොළඹ (LNW):

ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ආකර්ශණයක් සහිත තරගය ලෙස ඉන්දියාව සහ පකිස්තානය අතර පැවති තරගය ඉන්දියාවට ලකුණු හයක ජයක් හිමි වෙමින් නිමා විය.තරගය පැවතියේ මේ තරගාවලියේ දී ඇඟෙන් පට්ටයක් ගන්න තරමට ලකුණු ගැනීම අසීරු නිව්යෝර්ක් තණතිල්ලේය.ඒ නිසාම මෙහි දී බලාපොරොත්තු වු ගිණිකෙළි ප්‍රහාරයන් වෙනුවට දකින්නට ලැබුණේ සුවිශේෂී පන්දු යැවීම් වික්‍රමයන්ය.
පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිතිකරු බල ඇණිය පන්දු ඕවර් 19 දී සියල්ලම දැවී ගියේය.ලකුණු තත්ත්වය වාර්තා වූයේ ලකුණු 119 ක් ලෙසය.ලකුණු 6 ක දල වේගයක් ඕවරයකට රඳවා ගැනීමේ අභියෝගය සමඟ පිටියට පිවිසි පකිස්තානය කඩුලු 7 ක් පමණක් දැවී ගිය ද,ලකුණු අසීරු තණතීරුවේ ලකුණු සංඛ්‍යාව 113 ක් ව තිබියදී ඉණිම නිමා විය.මොහොමඩ් රිස්වාන තණතීරුවේ දුෂ්කරතාවය තේරුම් ගනිමින් ලකුණු 30 සීමාවට පැමිණීමට සමත් වුව ද,ඉන් අනතුරුව පකිස්තානු පිතිකරුවෙක් ලද වැඩිම ලකුණු ගණන ලෙස සටහන් වූයේ ඉමාද් වසීම්ගේ ලකුණු 15 ය .


ඉන්දියාව වෙනුවෙන් මෙම තරගයේදීත් වැඩිම ලකුණුලාභියා වූ රිෂාබ් පාන්ට් ලකුණු 42 ක් ලැබුවේ පන්දු 31 දී ය.විනයක් නොතිබුණු පාන්ට්ගේ හිතුවක්කාර පිත්ත හැසිරවීමට අසීරු උඩ පන්දු කිහිපයක් අත හරිමින් පකිස්තාන පන්දු රකින්නෝ ද සහය දුන්හ.අවසානයේ ඉදරියට තල්ල වෙමින් ආ පකිසාතානු ඉණිමට ඇන තැබුවේ ජස්ප්‍රීට් බුම්රාහ් ය.ඔහු ලකුණු 14 ට කඩුලු 3 ක් දවා ගනිමින් තරගයේ තීරණය වෙනස් කළ ක්‍රීඩකයා වෙමින් තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තේය.


කෙසේ වුවත් ලෝකයේ වැඩිම ක්‍රිකට් ලෝලීන් පිරිසක් නැරඹු මෙම තරගයේ දී පිටියේ හැසිරීම නිසා තරගයෙන් ඉපදෙන්නට තිබුණු ආනන්දය සීමා වූ බව පිළිගත යුතුය.විස්සයි විස්ස සංස්කෘතියේ ඇත්තේම ප්‍රහාරයන්ගේ ආලෝකය ය.ඒ අතර වීසි වී යන කඩුලු කූරුවලට ආනන්දය වැඩි පුරම එකතු වන්නේ දැවන්ත ප්‍රහාරවල ආලෝකයට පහළින්ය.එහෙත් විස්සයි විස්ස ලෝක කුසලානයට සූදානම් කරපු නිව්යෝර්ක් තණතීරුවේ ස්වභාවය මේ වන විට ඇති කර තිබෙන්නේ ආනන්දනීය කරුණක් වෙනුවට පිිතිකරුවන්ට හති වැටෙන තරමේ පීඩනයක්ය.


අද මෙම තරගාවලියේ තුන්වන තරගයටත් නිව්යෝර්ක් තණතීරුවට දකණු අප්‍රිකාව පිවිසෙන්නේය.ලකුණු අඩු මේ තණතීරුවේ හැසිරීම මේ වන විට හොඳින්ම ග්‍රහණය කරගෙන සිටින කණ්ඩායම බවට පත් වී සිටින දකුණු අප්‍රිකාව අද මුහුණ දෙන්නේ බංගලාදේශයට ය.

නිව්යෝර්ක් හී තරග තුනටම සහභාගි වී සිටින දකුනු අප්‍රිකාව ලකුණු ලබා ගැනීමේ වේගය අතින් පහළින් සිටිය ද,එය එතරම් ගැටළුවක් වන්නේ නැත්තේ ඔවුන් තරග ජයග්‍රහණ කර තිබෙන බැවින්ය.
මේ ආකාරයට එකම තැනක සිට තරග වැදීමේ පහසුකම් දුෂ්කර පිටියන වුව දකුණු අප්‍රිකාවට හිමිවීම නිසා ඒ දුෂ්කර තත්ත්වය යටතේම ඔවුන්ගේ සියලු පහසුකම් සහ පුහුණු සැසි සිඳුවන්නේය.ඒ අයුරින් බලන විට මහේෂ් තීක්ෂණ කියූ කතාවේ ඇත්තක් නැත්තේම නැත.මනස ද ක්‍රීඩාවේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරන බැවින් තමන්ව යම් ආකාරයකින් නොසළකා හරින බවට සිතේ ඇති කරන සිතුවිල්ල පීඩාකාරීය.ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට අපට ඇති වන විදිහෙ දේවල් ඇති විය නොහැකි බවත්,එය වෘත්තිය බවත් පැවසීම පහසුය.හැමෝටම කරන වෘත්තියට පීඩනය ආ විට එසේම හැසිරෙන්නට හැකිද යන්න හෘද සාක්ෂියෙන්ම අසා දැන ගත යුතුය.


එහෙත් මහේෂ් තීක්ෂණ කියන ගැටළුව නිසාම පරදින්නේ නැති බව ඇත්තය.ඔහු ද ප්‍රතිවාදී පිතිකරුවන් මත පීඩනය ඇති කරන ආකාරයේ පන්දු සංකලනයක් වෙනුවට නිතරම වේගයෙන් පන්දුව යැවීමට උත්සාහ කරන තත්ත්වයක් දැකිය හැකිය.එය පෙර තරම් සාර්ථක ප්‍රතිපල අත් නොවන තත්ත්වයක පෙර පැවති රිද්මය සහ දඟ කැවීම සොයා ගැනිමට ද තීක්ෂණ නවාතැන් තරමටම වෙහෙසිය යුතුය.


කෙසේ හෝ ඉන්දීය පකිස්තාන තරගය නිව්යෝර්ක් හී ලකුණු හිඟ බව නැවත වරක් තහවුරු කර ඇත.එය විස්සයි විස්ස ලෝක කුසලානයක තිබිය යුතු මිහිරියාවට බාධාකාරී එකක් වූ බව අයිසීසීයේ අවධානයට යොමු විය යුතුය.ඇමෙරිකාව ක්‍රිකට් ක්‍රීඩාවේ දස්කම් දක්වමින් ඉදරියට පැමිණෙමින් සිටියා.ඔවුන් කණ්ඩායමක් වශයෙන් තරගාවලියට සූදානම් වූ බව තරමට තරගාවලිය සම්බන්ධයෙන් සූදානම්ක් පෙන්වා නැති බවට නැඟෙන යම් යම් චෝදනා අතරට නිව්යෝර්ක් පිටිය ද ඇතුළත් කළ හැකිය.


කෙසේ වුව ලෝකයේ වැඩිම දෙනෙක් නැරඹු ක්‍රිකට් තරගය වූ ඉන්දීය පකිස්තාන තරගයේ විස්සයි විස්සේ තිබිය යුුතු උද්යෝගයට වඩා බෙහෙවින් අලස තත්ත්වයට පත් ලකුණු පූවරුව පහත දක්වා ඇත.

https://es.pn/4aXKxI6

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ වෙන්ඩ කොළඹ නගරාධිපතිනිය අගමැති හරිනි සහ ඇමති වටගල හමුවේ දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව...

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි !

2004 වසරේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක රුධිර...

“සීනි බදු වංචාව” : කිසිදු අපරාධමය වරදක් නෑ. නඩුව අවසන් !

2020 වසරේ ඔක්තෝබර් මාසයේදී සීනි සඳහා පනවා තිබූ රුපියල්...

අද (14) දවසේ මි.මී. 100 තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 14) දිනයේදී බස්නාහිර, සබරගමුව,...