ඊශ්‍රායල කැබිනට් අමාත්‍ය බෙනී ගැන්ට්ස් හදිසියේ ඉල්ලා අස් වෙයි!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායල යුධ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන කැබිනට් අමාත්‍ය බෙනී ගැන්ට්ස් ඉල්ලා අස්ව තිබෙන බව වාර්තා වේ.

මෙම ඉල්ලා අස්වීම අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ගාසා තීරයේ යුධ සැලසුම් පිළිබඳ ගැඹුරු බෙදීම්වල සලකුණක් ලෙස හැඳින්විය හැකි අතර, ටෙල් අවිව් හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළ බව පැවසේ.

ඔහු ඉල්ලා අස්වන බව ප්‍රකාශ වීමත් සමග අන්ත දක්ෂිනාංශික ජාතික ආරක්ෂක අමාත්‍ය ඉතමාර් බෙන්ග්විර් කැබිනට් මණ්ඩලයට එක්වීමට අවස්ථාව ඉල්ලා තිබෙන බව එරට මාධය වාර්තා කරයි.

ගාසා තීරයේ හමාස් පාලනය අවසන් කිරීම හා සිවිල් පරිපාලනයක් පිහිටුවීම ඇතුළු උපායමාර්ගික කරුණු හයක් ඉටු කර ගන්නේ කෙසේද යන්න ඉල්ලා අස්වූ ගැන්ට්ස් ප්‍රකාශ කර තිබූ අතර, ඊශ්‍රායල අගමැතිවරයා ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වා තිබුනේ නැති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...