ඉන්දියාවේ බැතිමතුන් ‍රැඟත් බස් රථයකට වෙඩි ප්‍රහාරයක්! 9 දෙනෙකු මරුට!

Date:

සටහන – පුන්සරා ලියනගේ

ජූනි 10, (ලෝකය) අවුට්බවුන්ඩ් ටුඩේ :
ඉන්දීය ෆෙඩරල් ප්‍රදේශයක් වන ජම්මු හිදී හින්දු බැතිමතුන් රැගත් බස් රථයකට සටන්කාමීන් යැයි සැක කරන පිරිසක් වෙඩි තැබීමෙන්, පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් 33 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් බලධාරීහු පවසති.

සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 10 ක් බව නිලධාරීන් මුලින් ප්‍රකාශ කළ නමුත් පසුව එම සංඛ්‍යාව සංශෝධනය කරන ලදී.

ප්‍රහාරයෙන් පසු රියදුරුට බස් රථය පාලනය කරගත නොහැකි වූ අතර, ජම්මු ප්‍රාන්තයේ රියාසි දිස්ත්‍රික්කයේ දී බස්රථය වතුරකට ඇද වැටුණු බව ඔවුහු පැවසූහ.

මුදාගැනීමේ මෙහෙයුම් අවසන් වී ඇති අතර, ප්‍රහාරකයන් සොයා ඉන්දීය හමුදාව සහ පොලීසිය විසින් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකයි.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...