ඉන්දීය ආයෝජන ගැන ජනපති සහ ඇමති ජයශංකර් අතර සාකච්ජා!

Date:

කොළඹ LNW: ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තෙන් පසු ද්විපාර්ශ්වික සාකච්ජා ආරම්භ කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා නවදිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් අද (10) සිදු විය.

ඉන්දීය ආයෝජන මත මෙරට ආරම්භ කර අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබෙන අතර එම කටයුතු සොයා බැලීමට නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බවයි ජයශංකර් මහතා සඳහන් කර ඇත්තේ.

මේ අතර ඉන්දීය රජය විසින් ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිත කර්මාන්ත කලාපය පිළිබඳවද සාකච්ඡා සිදුව තිබේ.

ඉන්දීය ආයෝජකයන් රැසක් එහි සිය ආයෝජන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් ඉන්දීය ආයෝජකයන්ට අමතරව වෙනත් රටවල ආයෝජකයන්ද මෙම කර්මාන්ත කලාපයේ ආයෝජන සඳහා සම්බන්ධ කිරීමට අපේක්ෂා කරන බවත් ජයශංකර් මහතා පවසා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ආර්ථික පරිවර්තන පනත සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙන අතර කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය අධ්‍යාපනය සහ ආර්ථික කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි බලතල නව ආර්ථික පරිවර්තන පනත මඟින් පළාත් සභාවලට හිමිවන බවද පවසා තිබේ.

එසේම සත්‍ය හා ප්‍රතිසංධාන පනත් කෙටුම්පත ලබන ජුලි මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

තවදුරටත් දෙපාර්ශවයේ පවතින ධීවර ගැටලුව විසඳා ගැනීම ගැනද එහිදී අවධානය යොමුව තිබේ.

වතු ලයින් කාමර වතු ගම්මාන වශයෙන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවත්, අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අදාළ ගම්මාන දියුණු කිරීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී තවදුරටත් පවසා ඇත.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ෂෙනුකා සෙනවිරත්න, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් සහ ඉන්දීය රජයේ නියෝජිත පිරිසක් එම අවස්ථාවට එක්ව තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...

විපක්ෂය උඩුදුම්බර සභාවේ බලය අල්ලයි!

කොළඹ LNW:මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය...

විපක්ෂයට බහුතර අසන ගණනක් ගිය උඩුනුවර සභාව NPP දිනාගනී!

කොළඹ LNW:උඩුනුවර ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට ජාතික ජන...

තවත් දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් ගැන හෙළිදරව්වක්!

දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් හරහා ගෙන්වන ලද භාණ්ඩ තොගයක් නිසා...