බේරුවල පහරදීමක්. අපරාධ අංශයේ OIC ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙක් රෝහලට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බේරුවල ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

බේරුවල ධීවර වරාය ආසන්නයේදී පොලිසිය සහ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් පසු මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

එහිදී පොලීසිය විසින් අහසට වෙඩිතැබීමක් ද සිදුකර ඇත.

බේරුවල වරාය ආසන්නයේ පිරිසක් ලොරි රථයක නැගී කොඩි එල්ලමින් සිට ඇති අතර, මාර්ගය අවහිර නොකරන ලෙසට පොලීසිය උපදෙස් දී ඇති බවත් එහිදී දෙපාර්ශවය අතර වචන හුවමාරුවක් සිදුව ඇති අතර එය දුරදිග යාමෙන් පසු පොලිසියට පහරදී ඇති බවත් සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ රු. බි. 06ක ලාභය භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : ලංකා ඛනිජතෙල් නීතිගත...

මාලිමා මන්ත්‍රී එක්ක පටලැවිල්ලක් හැදුණු කොස්තාපල් අත්අඩංගුවට!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ...

පශ්චාත් ආපදා කළමනාකරණය:ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ගැන ලෝක ආර්ථික විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥ ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු...

මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...