ව්‍යාජ ගමන් බලපත්‍ර සමඟ ලාංකිකයන් පස් දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ජුනි 10, කොළඹ LNW :

ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකු නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළුවීමට උත්සහ කර ඇති අතර, ඔවුන්ව එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, එකම පවුලේ පුද්ගලයින් 05 දෙනෙකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

බෝට්ටුවක් මාර්ගයෙන් ඉන්දියාවේ රාමේශ්වරම් මුහුදු තීරයට ළඟා වු එම පිරිස ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු ද වන බව වාර්තා වෙයි. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් තමන් මෙලෙස ඉන්දියාවට පළා ආ බව ඔවුන් විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් පස් දෙනා ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් සඳහා ස්ථාපිත කර ඇති මණ්ඩපම් සරණාගත කඳවුර වෙත යොමුකිරීමට පියවර ගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...