‘සාගරිකා’ දුම්රිය අනතුර වැලකූ අයව ඇගයේ!

Date:

රෂිකා හෙන්නායක ජුනි 10, කොළඹ LNW :

පසුගිය දා වෙරළබඩ දුම්රිය මාර්ගයේ දී ‘සාගරිකා’ දුම්රිය අනතුරට පත්වීම වළක්වා ජීවිත හා දේපළ ආරක්‍ෂා කිරීම සඳහා කැපවූ සමත්න ප්‍රනාන්දු මහතා සහ දුම්රිය රියැදුරු විදර්ශන මහතා ඇගයීම වෙනුවෙන් ඊයේ (09) වරාය අමාත්‍යාංශයේ දී උත්සවයක් පවත්වා ඇත.

එහිදී සභාව අමතමීන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේ , දුම්රිය මාර්ග නිසිකායාරව නඩත්තු කිරීම, යාවත්කාලීන කිරීම, දුම්රිය සේවය නව තාක්‍ෂණය සමග ඒකාබද්ධ කිරීම, සංඥා පද්ධති වැඩිදියුණු කිරීම, කාර්ය මණ්ඩල බඳවා ගැනීම සහ සේවක සුබසාධනය ඇතුලු කාර්යයන් සපුරාලීම මගින් කාර්යක්‍ෂම දුම්රිය සේවාවක් ලබාදිය හැකි බවත් ඒ සඳහා වෘත්තීය සමිති ඇතුලු සියලු කාර්ය මණ්ඩලවල සහයෝගය අත්‍යවශ්‍ය බවත්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,


“වෙරළබඩ දුම්රිය මාර්ගයේ ස්වභාවික හේතුවක් නිසා දුම්රිය පීල්ලක් කැඩී, දුම්රිය සංඥා පද්ධතියේ යම් දෝෂයක් ඇති වී තිබුණා. මෙම අවදානම් ස්ථානය හරහා දුම්රියක් එන බව දැනගත් දුම්රිය මාර්ගය අසළම පදිංචි සමන්ත මහතා තම ජීවිත අනතුර පවා නොසළකමින් දුම්රිය ඉදිරියට ධාවනය වීම වැළැක්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ වගේම තමයි සංඥා පද්ධතියෙන් ලැබී තිබුණු තොරතුරු අනුවම කටයුතු නොකර ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කළ අනෙක් පසින් ධාවනය වූ දුම්රියේ රියැදුරු විදර්ශන මහතාගේ ක්‍රියා කලාපය නිසාත් සිදුවිය හැකිව තිබූ විශාල අනතුරක් වළක්වා ගන්න පුලුවන් වුණා. ඔවුන් සතුව තිබූ අනෙකා වෙනුවෙන් වැඩ කිරීමේ ගුණාංගය අපි අගය කළ යුතුයි. දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙනවා කියන්නෙ විශාල හානියක් සිදුවෙන තත්ත්වයක්. විශේෂයෙන් ම එවැනි දෙයක් සිදුවුණා නම් දුම්රිය මගීන්ටත්, දුම්රිය වෙනුවෙන් ම ලංකාවට එන සංචාරකයින්ටත් ඉතාම නරක බලපෑමක් වෙන්න ඉඩ තිබුණා. ලංකාවෙ කෝච්චි අනාරක්‍ෂිතයි කියලා පණිවිඩයක් යන්නත් ඉඩ තිබුණා. ඒ නිසා ලංකාවෙ ප්‍රතිරූපය ආරක්‍ෂා කරන්නත් මේ දෙදෙනාගේ ක්‍රියාකාරීත්වය ඉවහල් වුණා. එයින් පෙනී යන්නේ තාක්‍ෂණය කොච්චර දියුණු වුණත් මනුෂ්‍යයින් හැටියට අපිට තියෙනවා දෙයක් කරන්න කියන එක.

දුම්රිය ගොඩනැංවීමේ වැඩපිළිවෙල අපිට කරන්න සිදුවෙලා තියෙනවා. ඊට වසර කිහිපයක් ගතවෙනවා. ඒ සඳහා රජය උපරිම ලෙස දායක වෙනවා. දුම්රිය අනතුරු වළක්වා ගැනීම්, අවළංගුවීම් සහ ප්‍රමාදයන් අවම කරමින්, මගීන්ගේ පහසුකම් වැඩි කිරීමට කටයුතු කළ යුතුව තිබෙනවා. දුම්රිය කළමනාකාරීත්වයේ මන්දගාමී ස්වභාවයට සහ පවතින රියදුරු හිඟයට පිළියම් යොදා ජනතාවට සුවපහසු සේවාවක් ලබාදෙන්න වැඩපිළිවලක් අපි සකස් කරලා තියෙනවා, යනුවෙන් පැවසී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...

නිවාස ආධාරය ගන්න නිර්දේශය දෙන්න 50,000ක් ඉල්ලලා. තවත් රජයේ නිලධාරියෙක් අල්ලස් දැලේ!

කොළඹ LNW: ගාල්ල, නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිවාස (තාක්ෂණික)...