ඉන්දියාවෙන් තවත් ණය මාර්ගයක් සඳහා ගිවිසුම් අත්සන් කෙරේ

Date:

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එම්.සිරිවර්ධන මහතා අද (10) ඉන්දීය EXIM බැංකුව සමඟ ඩොලර් ණය මාර්ගයක් ලබා ගැනීමේ ගිවිසුමකට අත්සන් තැබීය.

යල වගා කන්නයේ ක්ෂණික යූරියා පොහොර ඉල්ලුම සපුරාලීම සඳහා මෙට්‍රික් ටොන් 65,000 ක යූරියා පොහොර ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දීය රජයෙන් ණය පහසුකම් ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, ඉන්දියාවෙන් යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 55 ක ඩොලර් ණය මාර්ගයක් පිරිනැමීමට ඉන්දීය රජය එකඟ විය.

ඒ අනුව මෙම ගිවිසුම අත්සන් කිරීම සිදුවූ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ. ගෝපාල් බග්ලේ මහතා ද සහාභගි විය . එමෙන්ම කෳෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඊට එක්ව සිටියේය.

රට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල උග්‍ර හිඟයකට මුහුණ දී සිටින බැවින් ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම තම ප්‍රමුඛතාවය බව අග්‍රාමාත්‍යවරයා මීට පෙර පෙන්වා දුන් අතර මෙම ණය පහසුකම ඉදිරි යල කන්නය සඳහා යූරියා ලබා ගැනීම සහතික කිරීමට උපකාරී වනු ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතැනින්.. පුවත...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...