වංචනික පොහොර ගණුදෙනුවලින් රටට අහිමි වූ මුදල් ගැන පරීක්ෂණ කෝ ? – සජිත් යළි ප්‍රශ්න කරයි (VIDEO)

Date:

කාබනික පොහොර වංචාව සහ නැනෝ දියර පොහොර වංචාව හේතුවෙන් රටට අහිමි වූ මුදල් සම්බන්ධයෙන් රජය ගන්නා පියවර සහ ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව රජය ගෙන ඇති පියවර කවරේද යන්න පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.

චීන කාබනික පොහොර සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක ගෙවා ඇති නමුත් මේ වන විට පොහොර හෝ මුදල් හෝ නොමැති බවත් එම මුදල් නැවත ලබා ගෙන පාඩුව පියවා ගැනීමට කටයුතු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විගණකාධිපතිවරයා පවා මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති හෙයින් මේ මහා පාඩුව පියවා ගැනීමට වැඩකටයුතු කරන්නේ කවදාද කියා විමසන බවත් එම මුදල් වංචනික ලෙස අල්ලස් කොමිස් ක්‍රියාවලිය තුළ රටට අහිමි කළ මුදල් නැවත ලබා ගන්නේ කවදාද කියා විමසන බවත් ඒ මහතා පැවසීය.

එසේම ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඉන්දීය ගොවි පොහොර සමාගම හරහා නැනෝ නයිට්‍රජන් පොහොර ලීටර් ලක්ෂ 21ක් ලබා ගෙන ඇත්තේ ඉතාමත් වැරදි ක්‍රියාපිළිවෙතක් හරහා බවත් ඉන්දියාව තුළ ඩොලර් 3.23කට අලෙවි වූ මිලිලීටර් 500 නැනෝ දියර පොහොර බෝතලයක් ශ්‍රී ලංකාව මිල දි ගෙන ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 12.45කට බවත් මේ නිසා රටට රුපියල් මිලියන 7841ක් අමතරව ගෙවා ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

මේ සම්බන්ධ වාර්තා හා එයට සම්බන්ධ වූවන්ට ගනු ලබන පියවර කවරේද කියා විමසන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සම්බන්ධ විගණන වාර්තාව කෝප් කමිටුවට හෝ ලබා දී නොමැති බවයි. මෙම චෝදනා එල්ල වන්නේ අදාළ රටවලට නොව එම ගනුදෙනුවට සම්බන්ධ දූෂිත මන්ත්‍රිවරුන්ට බවත් මෙසේ අලාභ වී ඇත්තේ ජනතාවගේ මුදල් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...