*
Wednesday, May 15, 2024
spot_img

Latest Posts

ලොහාන්ට නඩු දමන නිර්දේශය වසරකුත් මාස නවයක් තිස්සේත් ක්‍රියාත්මක වී නෑ !

අනුරාධපුර බන්ධනාගාරයට රාත්‍රියේ කඩාපැන එහි සිරකරුවන් පිරිසකට තර්ජනය කර වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර අමාත්‍ය ලොහාන් රත්වත්තේට එරෙහිව නඩු පැවරීමට එම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ඒකපුද්ගල කොමිසම මීට වසරකුත් මාස නවයකට පෙර නිර්දේශ කර ඇති බව අනාවරණය වී තිබේ.

අදාළ කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධියට පත් නොකෙරුණු අතර තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ සමාජීය හා සාමයික කේන්ද්‍රය විසින් 2022 කළ ඉල්ලීමකට අනුව වසරකට පසුව එය මේ වනවිට නිදහස් කර ඇති බව සඳහන්.

කුසලා සරෝජනී වීරවර්ධන විශ්‍රාමික විනිසුරුවරියගේ ඒක පුද්ගල විමර්ශන කමිටු වාර්තාව එවකට අධිකරණ හා බන්ධනාගාර සුබසාධන ඇමැති මොහොමඩ් අලි සබ්රිට භාර දී ඇත්තේ 2021 නොවැම්බර් 24 දාය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි දෙමළ දේශපාලන සිරකරුවන් දස දෙනකුට තර්ජනය කර දණ ගස්සවා ඉන් දෙදෙනකුගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඝාතනය කිරීමට තැත් කිරීම, ජාතීන් අතර වෛරී හා සතුරු හැඟීම්, අසමගිකම් වැඩි දියුණු කිරීම සහ සිය බලතල ඉක්මවා ක්‍රියා කිරීමට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයාට දඩුවම් දිය හැකි බරපතල වරදක් බවට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන සිය වාර්තාව මගින් නිර්දේශ කර ඇත.

ඒ අනුව මදිඅරසන් සුලක්ෂන් හා පුබාලසිංහම් සුරියබාලන් දෙමළ දේශපාලන සිරකරුවන් දෙදෙනා වෙඩි තබා මරා දමිම්මට තැත් කිරීම ඇතුළු ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයා විසින් කරනු ලැබූ සෙසු බලහත්කාරී ක්‍රියාවන් ගැන ‘බී’ වාර්තාවක් අනුරාධපුර මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමටත්, පොලිස් පරීක්ෂණ කඩිනම් කරමින් අධි චෝදනා ගොනු කිරීමටත් මෙම වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

එසේවෙතත් පසුගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ මෙන්ම වත්මන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ ද මෙම නිර්දේශ ක්‍රියාත්මක වී නොමැති අතර එම වාර්තාව 2021 දී භාරගත් එවකට අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මේ වනවිට විදේශ අමාත්‍ය ධුරය උසුළයි.

ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයා මීට පෙරත් දස පුද්ගල ඝාතනයකට චෝදනා ලද පුද්ගලයෙකි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan