ඉදිරියේදී විදුලි මීටර් අපනයනය බාධාවක් නෑ – කංචන කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):ඇන්ටි ලෙකෝ විදුලි මීටර සමාගමට මෙරට විදුලි මීටර් අවශ්‍යතාවය සම්පුර්ණ කිරීමට හැකි වන බැවින් , ශ්‍රී ලංකාවට ඉදිරියේදී විදුලි මීටර් අපනයනය කිරීමට හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට අවශ්‍ය වන එකලා විදුලි මීටර් 250,000 ක  ප්‍රමාණයක් වාර්ෂිකව එම සමාගම නිපදවන බව ද සඳහන් කළ අමාත්‍යවරයා,  එම  සමාගම විදුලි මීටර නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව පැවසීය .

තවද , මෙම වර්ෂයේ සිට එම සමාගම තම සේවාවන් පුළුල් කරමින් තෙකලා විදුලි මීටර් සහ සුහුරු විදුලි මීටර නිෂ්පාදනය ආරම්භ කරන බවත් එකලා, තෙකලා සහ සුහුරු මීටර් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේ හැකියාව ලැබෙන බවයි අමාත්‍යවරයා පැවසූවේ .

විදුලි මීටර් හිඟය හේතුවෙන් පසුගිය කාලයේ නව විදුලි සැපයුම් දීම ප්‍රමාද  වූ අතර , ඇන්ටි මීටර් සමුහයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්, ලංකා විදුලිබල පෞද්ගලික සමාගමේ නිලධාරීන් සහ සමග ඉදිරි වැඩපිළිවෙල සහ නව නිෂ්පාදන හඳුවදීම පිළිබඳව පැවැති සාකච්ඡාවෙන් පසුව අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ අදහස් දැක්වූයේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා පිරිමි ෆුට්සාල් දකුණු ආසියාවේ පහළටම වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වර්ධනයට ඉඩක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ලංකාවේ නොවන ලංකාවෙ දෙන්නාගේ දස්කම්

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මේ දිනවල නැමිබියාවේ සහ...