වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස විනිසුරු සෝභිත රාජකරුණා දිවුරුම් දෙයි

වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අතිගරු ජනාධිපතිතුමා ඉදිරියේ අද විනිසුරු සෝභිත රාජකරුණා මහතා දිවුරුම් දෙනු ලැබීය.

අභියාචනාධිකරණ සභාපතිවරයා රටින් බැහැරව සිටින බැවින් මෙම වැඩබලන පත්කිරීම සිදුකර ඇත.