*
Tuesday, June 18, 2024
spot_img

Latest Posts

හන්තාන ඌරාගල ඉඩම් මංකොල්ලයට එරෙහිව මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර දෙවන වරටත් උද්ඝෝෂණයක!

කොළඹ LNW:හන්තාන උඩුවෙල,ඌරාගල වතුයායේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට (JEDB) අයත් අක්කර 22ක ඉඩම් ප්‍රමාණයක් එහි ඉහළ නිලධාරීන් විසින් අනීතිකව ව්‍යාජ ඔප්පු සකස් කරමින්,අධිකරණයද නොමග යවමින් පුද්ගලික අංශයට ලබාදීමට දැනටමත් කටු කම්බි ගසා වෙන් කිරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා ප්‍රදේශවාසීන් සමග එක්ව උද්ඝෝෂණයක් පසුගිය 8 වැනිදා හන්තාන ඌරාගල ප්‍රදේශයේදී පවත්වා තිබුණි.

එම ඉඩම් මංකොල්ලය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ්‍යක් පවත්වා වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මන්ත්‍රීවරයා මේ වන විටත් කොළඹ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමටත්, මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකයටත් පැමිණිලි කර ඇති අතර පසුගිය මැයි මස 18 දිනද ප්‍රදේශවාසීන් සමග උද්ඝෝණයක නිරත විය.

මෙම ඉඩම් මංකොල්ලය සිදු කිරීමට ජාවාරම්කාරයින් සමග වතු පාලකයින් සහ JEDB ලොක්කන්ද හවුල් බවයි මන්තීවරයා පවසන්නේ.

ව්‍යාජ ලේඛන, ව්‍යාජ ඔප්පු සකස් කරමින් අධිකරණයද නොමග යවමින් අත යට ගණුදෙනු හරහා JEDB එකට අයත් මෙම ඉඩම් අක්කර 22 මංකාල්ල කෑමට මේ වන විටත් කටුකම්බි ගසා වෙන් කර තිබෙන බව සඳහන්. එමෙන්ම මහවැලි ගඟේ ජල පෝෂිත ප්‍රදේශයක් වන මෙම වතුයායේ තියෙන දැවැන්ත රූක්ෂ ගස් ආදියද කුණු කොල්ලයට විකුණා දමමින් ජාවාරම්කාර විදියට හන්තාන ප්‍රදේශය තමන්ට අත්පත් කර ගැනීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

”මෙම වතුයායේ පාරම්පරිකව ජීවත්වන දුප්පත් අහිංසක ජනතාව මේ වත්තට ගිහිල්ලා අත්තක් හරි කැපුවොත් එහෙම ඒ මිනිස්සු හිරේ විලංගුවේ දාන තත්ත්වයක් තිබුණත් මේ වතුපාලකයෝ කිසිසේත්ම අක්කර 22ක් පුරා භූමිය අල්ලගන්නකම්, කටුකම්බි ගහනකං උනන්දුවක් දැක්වූයේ නැහැ ඒ ඉඩම් අල්ලගන්න ජාවාරම්කාරයින් එලවා දැමීමට. කිසිඳු නීතිමය පියවරක්ද ගෙන නැහැ. දැනටමත් මෙම හන්තාන ප්‍රදේශයේ රූක්ෂ ගස් 1600 කට ආසන්න ප්‍රමාණයක් කපාදමා තිබෙනවා.”

මන්ත්‍රීවරයා විශේෂයෙන්ම කියා සිටින්නේ කාලාන්තරයක් තිස්සේ මේ හන්තාන භූමි ප්‍රදේශයේ රජයට, එසෙත් නැතිනම් JEDB එකට අයත් ඉඩම් විවිධ සංවර්ධන ව්‍යාපෘති හෝ වෙනත් මාතෘකා මවාපාමින් දේශපාලන බලපුලුවන්කාරකම් භාවිතා කරමින් පෞද්ගලිීකරණය කිරීමක් සහ විවිධ ජාවාරම්කරුවන්ට අතයට ගණුදෙනු හරහා ලබාදීමට කටයුතු කර ඇති බවයි.

මේ නිසාවෙන් මේ හන්තාන වන රක්ෂිතය ආරක්ෂා කරගැනීමට හන්තාන ප්‍රදේශයේ ඉඩම් සම්බන්ධයෙන් විධිමත් සහ පූර්ණ විගණනයක් කළ යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මෙහි සිටින ප්‍රදේශවාසීන් කියා සිටියේ තමන්ගේ ආදී මුතුන් මිත්තන්ගේ කාලයේ සිට තමන් විසින් මෙම වතුවල දළු කැඩීමේ නිරත වූ බවත්, තමන් දන්නා කාලයේ සිටම මෙම ඉඩම් රජයට අයත්ව තිබූ බවයි. මේ වන විටත් කටු කම්බි ගසා ඇති මෙම අක්කර 22ක භූමිය තුළ අතීතයේ සිට ප්‍රදේශවාසීන් භාවිතා කළ සුසාන භූමියක් තිබෙන අතර මේ වන විට එම සුසාන භූමිය පවා ඔවුන්ට ඇතුල්වීමට තහනම් ප්‍රදේශයක් කර ඇති බව සඳහන්.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan