පිළිකා රෝගීන්ට සහනයක්! වසරකට අවශ්‍ය ඖෂධ ලැබෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 11 , කොළඹ (LNW):

අද (11) දින මෙරට වසරකට ප්‍රමාණවත් පිළිකා ඖෂධ ප්‍රධානයේ පළමු තොගය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදෙනු ලැබූ අතර, එහි වටිනාකම ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ විසිපන්දහසකට අධික බව සඳහන් වේ.

මෙරට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සදහා අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ තොගයක් මෙසේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම සිදු විය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ එල් ඩී එස් ලේටර් – ඩේ ෂෙන්ට් චැරටිස් ආයතනයේ ආසියානු කලාපයේ සුබසාධක අධ්‍යක්ෂ මිකි ලුයි මහතා එම ඖෂධ තොගය නිල වශයෙන් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත භාරදෙනු ලැබූ බව සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා එම ආයතනය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ වර්ග 13ක් මෙරටට ලැබෙන බව වාර්තා වේ.

එහි වටිනාකම ඩොලර් මිලියනයකට අධික බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...